මෙම ජායාරූපය දුටු සැණින් මෙම කාන්තාවගේ සැමියා ඇයව දික්කසාද කර දැමුවා
- Get link
- X
- Other Apps
මීට දශක කිහිපයකට කලින් නම් ෆොටෝ එකක් ගන්න එක වුණත් ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒවා සෝදලා, ප්‍රින්ට් කරලා ගන්න එක වෙනම රටාවක් වුණා. බොහෝ දෙනෙක් ෆොටෝ ගත්තේ විශේෂ අවස්ථාවක විතරයි. හැබැයි අද වෙනකොට ඉතාම හොඳ තත්වයේ ෆොටෝ ගන්න පුළුවන් ෆෝන් තිබෙනවා. ඩී.එස්.එල්.ආර් කැමරා පවා දැන් හරිම සුලභයි. මේ නිසා සමහරු හරිම සරල දේවල් පවා ෆොටෝ ගොඩක් ගාලා තියාගන්න පෙළඹෙනවා.
ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් ෆොටෝ එකක් ගන්න එක ගැන මහ ලොකුවට හිතන්නේ නැහැ. හැබැයි ඒ වගේ අවස්ථාවල අපි නොහිතන දෙයක් එහි අඩංගු වෙන්න ඉඩක් තියෙනවා. පස්සේ කාලෙක ඒවා ඔබ ඒ වෙලාවේ කරමින් හිටපු දේවල් තහවුරු කරගන්න සාක්ෂි බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේ වැඩිය නොහිත ගත්ත ෆොටෝ වලින් හෙළිදරව් වුණු කරුණු නිසා විශාල ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වුණු අය ගැනත් ඕන තරම් අහන්න ලැබෙනවා.
ඉතින් අද අපි කතා කරන්නේ ඒ වගේ ෆොටෝ එකක් නිසා හොර වැඩ අතටම අහුවුණු අවස්ථා ගැනයි.
01 කාලෙකින් ගෙදර ඇවිත් ගත්ත ෆොටෝ එකමේ ෆොටෝ එකේ ඉන්න කාන්තාවගේ සැමියා ගෙදර ආවේ සති කිහිපයක ව්‍යාපාරික චාරිකාවකින් පස්සේ. කාලෙකින් ගෙදර ආවට පස්සේ තමන්ගේ බිරිඳ දැකපු මොහොතේම ඇයගේ ෆොටෝ එකක් අරගෙන තියාගන්නත් ඔහු අමතක කළේ නැහැ. කාලෙකින් දැකපු බිරිඳත් එක්ක සතුටින් කාලය ගත කරපු ඔහු පසු දවසක ඒ ෆොටෝ එක අරගෙන බලලා තිබෙනවා.
එයින් දැකපු දෙයින් කම්පනයට පත්වුණු ඔහු මේ ෆොටෝ එක සාක්ෂි විදිහට ඉදිරිපත් කරලා ඇගෙන් දික්කසාද වෙන්නත් කටයුතු කරා. මේකට හේතුව ඔබටත් හඳුනාගන්න පුළුවන්ද බලන්න. හොඳට මේ ෆොටෝ එක දිහා බලන්න.
ඇඳේ ඉන්න කාන්තාවට වඩා වටපිටාව ගැන අවධානය යොමු කරලා බලන්න. හොඳටම බැලුවොත් ඔබට පෙනේවි ඇඳේ කෙළවරෙන් යාන්තමින් පෙනෙන පිරිමි පුද්ගලයෙකුගේ මුහුණක්. එම කාන්තාව සැමියා එන හඬ ඇසී අදාළ පුද්ගලයාට ඇඳ යට සැඟවෙන්න සලස්වා තිබෙනවා.
02 ෆොටෝ එකක් එවන්න කිව්වහම යැවූ එකආදරය කරන දෙන්නෙක්ට දුරස් වෙලා ඉන්න සිද්ධ වුනාම එකිනෙකාගේ ෆොටෝ හුවමාරු කරගන්න එක බහුලව සිදුවෙනවා. මේ ෆොටෝ එකත් ඒ වගේ කාන්තාවක් තමන්ගේ සැමියාට යැවූ එකක්. තමන්ගේ ඇඳට වෙලා ඉඳගෙන සෙල්ෆි ස්ටික් එකකින් ගත්ත මේ ෆොටෝ එක ඇය දුරස්ථ ප්‍රදේශයක සේවය කරන තමන්ගේ සැමියාට යවා තිබුණා. කොහොම නමුත් බිරිඳව දැකගන්න හිතාගෙන ඒ ෆොටෝ එක බලපු අදාළ සැමියාට අහම්බෙන් ඇස ගැටුනේ අමුතුම දෙයක්. ඒ දුටු ඔහු වහාම ඇයට දික්කසාදයක් ඉල්ලා සිටියා. කලින් ෆොටෝ එකේ වගේම මේකෙත් තිබෙන අමුතු දේ හඳුනාගන්න ඔබට පුළුවන්ද බලන්න.
කාන්තාව ගැන වෙනුවට කාමරේ වටපිටාව දිහා ඕනාවෙන් බැලුවොත් ඒ හඳුනාගන්න ඔබට අපහසු වෙන එකක් නැහැ. ඒ මොහොතේ ඇය සමඟ ඉඳලා ඇඳ යට සැඟවුණු අනියම් පුද්ගලයෙක් සිටින හැටි ඔබට පෙනුනාද? ඇඳ අස්සල පොළොව දිහා බැලුවහම සෙවනැලි අස්සේ සැඟවුණු අදාළ පුද්ගලයාගේ අතක් පැහැදිලිව දකින්න පුළුවන්.
03 සුන්දර පවුලේ ෆොටෝ එකක තිබුන දේ.දරුවන් හතර දෙනෙක්ගෙන් යුක්ත පවුලක් අපි මේ කියන්න යන ෆොටෝ එක ගත්තේ ඩිජිටල් කැමරා සුලභ වෙන්න කාලයකට කලින්. කාලයකට පස්සේ නිවාඩුවක් ලැබිලා ගෙදර ඉන්න පුළුවන් වුනු නිසා බිරිඳ සහ දරුවන් එකතු කරගෙන ට්‍රයිපොඩ් එකක තැබූ රීල් දමන කැමරාවකින් මේ ෆොටෝ එක ගන්න ක්‍රියා කටයුතු කළා. ඔහු ඒ රීල් එක සෝද කරලා ෆොටෝ ටික ප්‍රින්ට් කරගත්තේ තමන් රැකියාව කරන ප්‍රදේශයේ රසායනාගාරයකින්. පවුලේ අයගේ සුන්දර ෆොටෝ ටික බලන්න හිතාගෙන ඒ ටික ළඟට ගත්තු ඔහුට දකින්න ලැබුණේ හිත කඩා වැටෙන දෙයක්. ඔබත් මේ ෆොටෝ එක දිහා හොඳට බලන්න.
පින්තූරයේ ඉන්න කාන්තාව ඇත්තටම වාඩි වෙලා ඉන්නේ යම් පුද්ගලයෙකුගේ පිට මත බව පැහැදිලිව පෙනේවි. පසුව දැනගන්න ලැබුණු විදිහට මේ කාන්තාව අදාල පුද්ගලයා එක්ක කාලයක් තිස්සේ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගිහින් තිබෙනවා. නිතර ගෙදරට ආව ගිය නිසා දරුවන් පවා අදාල පුද්ගලයාට හුරු වී සිටියා. හදිසියේ ෆොටෝ එකක් ගන්න හදනකොට ඔහුට හැංගෙන්න තැනක් නැති නිසා ඔහුව ආවරණය වෙන විදිහට දරුවන්ව වාඩි කරලා තමුනුත් ඔහුගේම පිටේ වාඩි වෙන්න මේ කාන්තාව කටයුතු කර තිබුණා.
- Get link
- X
- Other Apps




Comments
Post a Comment