ඔයාලට මතකද මීගමුව බන්ධනාගාරයේ වහලය උඩ සිරකරුවන් පිරිසක් නැගලා ලොකු නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කරපු දවස? එදා මුළු රටේම අවධානය ඒ දෙසට යොමුවෙලා තියෙද්දී, එකපාරටම හැමෝගෙම News Feed එක එකම එක පින්තූරයකින් පිරිලා ඉතිරිලා ගියා. බන්ධනාගාර කලබල අස්සේ වහල උඩ නැගලා හිටපු ඉතාමත් සුන්දර පෙනුමක් තියෙන එක තරුණියක් මුළු සෝෂල් මීඩියා එකම එක රැයකින් උඩුයටිකුරු කළා
කවුද මේ සුන්දර කෙල්ල? ඇයි මේ වගේ රූපයක් තියෙන කෙල්ලෙක් හිරගෙදර වහලක් උඩ? කියලා හැමෝම ප්‍රශ්න කරන්න ගත්තා. ඇගේ ඒ අහිංසක පෙනුමට වශී වුණු, ඇයට අනුකම්පා කරපු ලක්ෂ සංඛ්‍යාත ෆේස්බුක් පරිශීලකයින් ඇය ගැන තොරතුරු හොයන්න ගත්තේ පුදුමාකාර කුතුහලයකින්.
ඔන්න ඔය අතරේ තමයි ගවේෂණශීලී මාධ්‍යවේදියෙක් වෙන නාලින්ද දනරන්ජන් මහත්මයා ඇය ගැන හොයලා බලලා තමන්ගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන්නේ. ඒ සටහන කියවපු හැමෝගෙම හදවත් කීරි ගැහිලා, ඇස්වලට කඳුළු ආවේ නොදැනුවත්වමයි.
මෙන්න ඒ මාධ්‍යවේදියා තැබූ සටහන ඒ විදිහටම.
මාධ්‍යවේදී නාලින්ද දනරන්ජන් තැබූ ෆේස්බුක් සටහන:
''ඇගේ කතාව. ඇයි ඇයට මෙහෙම උනේ...? ඇය කව්ද...?
මීගමුව බන්ධනාගාරය වහලය උඩ කාගෙත් ආදරය දිනා ගත් එම තරුණියගේ විස්තරය. ඇයි ඇයට එහෙම උනේ. කවුරුවත් නොදන්න එයාගේ කතාව මෙන්න.
අපි ඇයට සදුනි කියමු ( ඇත්ත නම නෙමෙයි. මෙහිදී නම් මනකල්පිත බව සලකන්න. ) ඇය පාසල් ගියේ බදුල්ල ජනප්‍රිය පාසලකට. ඉගෙන ගන්න ඉතාම දක්ෂ උණ ඇය ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසල ඉගෙන ගන්න එනවා. එහිදී ඇය නතර වෙන්නේ මීගමුවේ පුන්චි අම්මගේ ගෙදර. කුඩා කල සිට නෙට්බෝල් ක්‍රීඩාවටද ඉතාම දක්ෂ ඇය සම්මාන සහතික වලින් අඩුවක් නතුව උපහාර ලබපු කෙනෙක්. පාසලේ ඒලෙවෙල් වෙනකන් හොදින් අධ්‍යාපනය ලබන ඇය ඉතාමත් දීප්තිමත් ශිෂ්‍යාවක් හා ශිෂ්‍ය නායිකාවක්ද උනා.
යාලුවන් සමග ඇවිදින්න ගොඩක් ප්‍රිය කරපු ඇයට කන කොකා හඬන්න පටන් ගන්නෙ වට්ස් ඇප් ගෲප් එකකින්. යාලුවන් ගේ පෙම්වතුන් හමු වෙන්න ගිය වෙලාවක තමාගේ යහළුවෙක්ගේ පෙම්වතෙක්ගේ යාලුවෙක් ඔවුන්ගේ වට්ස් ඇප් ගෲපයට එකතු වෙනව. පසුව මොවුන් දෙදෙනා අතරද දැඩි මිත්‍රත්වයක් ඇති වෙනව. පසුව එය ආදරයකට පෙරෙලෙනව. ඉතින් ඔහොම කාලය ගලාගෙන යන අතර මැයට මැගේ පෙම්වතා කියනව මීගමුවෙ යාලුවෙක් පාර්සලයක් දෙයි ඒක අරන් එන්න කියලා. මැය දන්නේ නෑ ඒතියෙන්නෙ කුඩු කියලා. ඔහු මැයව කුඩු ප්‍රවාහනය සඳහා යොදා ගන්නව. ඒ ලෙවෙල් ඉවර වෙලා ප්‍රතිඵල බලා පොරොත්තුවෙන් සිටින ඇය නොදැනුවත් වම කුඩු ප්‍රවාහනය කරන්වා. කොහොම හරි පොලීසියට මේ ගැන ඔත්තුවක් ලැබිලා ඇයව අත් අඩන්ගුවට ගන්නව. 54 ගහලා හිරේ දාන්ව. තම පෙම්වතා විශ්වාස කරල අද හිරගේ ඇතුළේ තමන්ගේ මුලු අනාගතයම විනාශ කරන් මේ රූමතිය විදවනව. රිසාල්ට් ආවාම දැන ගන්නේ ඇය වෛද්‍යය පීඨයට තේරිලා. අනාගත වෛද්‍යය වරියක් වෙන්න හීන දැකපු ඇය අද මහ උළු ගෙදර.
-
ගවේශනශීලී මාධ්‍යවේදී නාලින්ද දනරන්ජන් - ''
සටහන ලැව්ගින්නක් වගේ ෂෙයාර් වෙද්දී, මුළු රටම ඒ අසම්මත පෙම්වතාට සාප කරන්න ගත්තා. වෛද්‍ය පීඨයට තේරිච්ච දීප්තිමත් ශිෂ්‍යාවකගේ අනාගතය ආදරය නිසා බිලිවුණු හැටි දැකලා සමාජයම කම්පා වුණා.
මිත්‍රවරුනි මේ හෙළිදරව්ව ගැන සම්පුර්නම අයිතිය තියෙන්නේ ගවේශනශීලී මාධ්‍යවේදී නාලින්ද දනරන්ජන් මහතාට, මේ වගේ සිදුවීම් ගැන තොරතුරු සොයා බලා සමාජ දැනුවත් කරන එතුමාට අපේ ගෞරවය...
උපුටා ගැනීම අන්තර්ජාලයෙන්
Comments
Post a Comment