බිත්තර ආහාරයට එක්කරගැනීම හෘදයාබාධ ඇති කරනවාද..? ඒ ගැන සැකයෙන් හිටිය ඔබට මේ කියන කතාව වැදගත් වේවි..
ඔබත් ඔබේ ආහාරපාන ගැන සැලකිලිමත් වෙන අයෙක්ද..? අපි හැම වෙලාවකම අපේ ආහාරවේලට එකතු කරගන්න ප්‍රෝටීන් ප්‍රමාණ ගැන එහෙම සැලකිලිමත් වෙනවා නේ. ඒ අතර අපි හැම කෙනෙක්ම පහසුවෙන් ආහාරයට එක්කරගන්නා කෑමක් තමයි බිත්තර කියන්නේ. ඒත් බිත්තර ආහාරයට එක්කරගැනීමත් සීමා විය යුතුද..? මේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්. කියවන්න බිත්තර ආහාරයට ගත්තොත්, මේ කියන ලෙඩේ ලේසියෙන්ම වැළඳෙන්න ඉඩකඩක් තියනවාද..? මේ කියන්න යන්නේ කොලෙස්ටරෝල් ගැන හිතලා ලොකු බයක් හිතේ තියාගෙන ඉන්න ඔයාට විශේෂ වන කතාවක්. 2026 වසරේ ජනවාරි මාසයේ ජපානයේ Kishimoto සහ Sugihara යන පර්යේෂකයන් විසින් සිදුකළ නවතම අධ්‍යයනයකින් හෙළිවෙලා තියෙන්නේ ඒ ගැන මෙන්න මේ වගේ කතාවක්. බිත්තර පරිභෝජනය අපේ සෞඛ්‍යයට බලපාන විදිහ ගැන (Egg Consumption and Human Health) ඉතා වැදගත් කරුණු කිහිපයක් මෙහිදී අනාවරණය කරගෙන තිබෙනවා. මෙහිදී, බිත්තරවල කොලෙස්ටරෝල් බහුල වුණත්, එය රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දැමීමට සෘජුවම බලපාන්නේ නැහැ. බහුතරයක් දෙනාට සාමාන්‍ය ප්‍රමාණයෙන් බිත්තර ආහාරයට ගැනීමෙන් "අහිතකර LDL" කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාමක් සිදුවන්...