අපේ සිරුරේ සමබරතාවය පාලනය කරන්න, මොළයට ප්‍රධාන වශයෙන් ක්‍රම තුනකින් පණිවිඩ ලැබෙනවා. පලවෙනි ක්‍රමේ අපේ ඇස් දෙකෙන් (අපි දකින දේ) . දෙවනි එක අපේ ඇතුළු කනෙන් (සිරුරේ චලනය සහ සමබරතාවය මනින දියරය). අන්තිම එක අපේ සම සහ මාංශ පේශිවලින් (අපි ඉන්න ඉරියව්ව)
සාමාන්‍යයෙන් අපි පාරේ ඇවිදගෙන යනකොට, මේ තුනෙන්ම මොළයට ලැබෙන්නේ එකම පණිවිඩයක්. හැබැයි වාහනයක යනකොට මේ පණිවිඩ එකිනෙකට ගැටෙනවා. වාහනය වේගයෙන් යනකොට, වංගු ගන්නකොට, ගැස්සෙනකොට අපේ ඇතුළු කනේ තියෙන දියරය සලිත වෙලා, මොළයට කියනවා "මෙන්න අපි වේගයෙන් චලනය වෙනවා" කියලා.
හැබැයි ඔබ වාහනය ඇතුලේ සීට් එකකට වෙලා ෆෝන් එකක් බලන් ඉන්නවා නම් හෝ වාහනය ඇතුලම දෙස බලාගෙන ඉන්නවා නම්, ඇස සහ මාංශ පේශි මොළයට කියන්නේ , " අපි එක තැනක නිශ්චලව වාඩිවෙලා ඉන්නේ" කියලා.
මෙතනදී මොළය ව්‍යාකූල වෙනවා. කන කියන්නේ අපි චලනය වෙනවා කියලා, ඇස කියන්නේ අපි එකතැන ඉන්නවා කියලා. මේ පණිවිඩ දෙක පටලැවුණාම මොළය හිතන්නේ "ඇඟ ඇතුලට මොකක් හරි වසක් (Poison) ඇතුල් වෙලා, ඒකයි මේ ස්නායු පද්ධතිය පිස්සු කෙළින්නේ" කියලා. ඉතින් මොළය වහාම ඇඟ බේරගන්න "වමන කේන්ද්‍රය" (Vomiting Center) උත්තේජනය කරලා බඩේ තියෙන දේ පිට කරන්න අණ දෙනවා.
මේක පාලනය කරගන්න කරන්න පුළුවන් සරලම දෙයක් තමයි , කාසියක් අතේ අලව ගන්න එක
අපේ මැණික් කටුව ඇතුල් පැත්තේ (අල්ල ඉවර වෙන තැන ඉඳන් ඇඟිලි තුනක් විතර පහළට වෙන්න නහර දෙකක් මැද) විශේෂ නිලයක් තියෙනවා. චීන කටු චිකිත්සාවේ (Acupuncture) මේකට කියන්නේ P6 (Pericardium 6) නිලය කියලා.
මේ ක්‍රමයෙන් වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි කාසියක් තියලා ප්ලාස්ටර් එකකින් තද කරලා ඔතාගත්තාම වෙන්නේ, අර කියපු නිලයට (Pressure Point එකට) දිගටම හොඳ තෙරපුමක් ලැබෙන එකයි. කාසියේ තියෙන ලෝහමය ගුණයකට වඩා මෙතනදී වැදගත් වෙන්නේ ඒකෙන් ලැබෙන තෙරපුමයි.
ඒ නිලය දිගටම තද වෙලා තියෙනකොට, ඒ හරහා මොළයට යන ස්නායු සංඥා උත්තේජනය වෙනවා. ඒකෙන් මොළයේ තියෙන "වමන කේන්ද්‍රය" (Vomiting Center) මඟින් නිකුත් කරන වමනය දාන්න කියන පණිවිඩ අවහිර කරනවා. ඒ වගේම ඇඟෙන් ස්වාභාවික රසායනික ද්‍රව්‍ය (Endorphins) මුදාහැරලා ඔක්කාරය ගතිය අඩු කරනවා.
හැබැයි මේක කරනකොට මතක තියාගන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා:
කාසියක්ම ඕනෙ නැහැ. අපිට ඕන කරන්නේ තෙරපුමක් විතරයි. ඒ නිසා කාසියක් වෙනුවට කුඩා බොත්තමක් වුණත් තියලා ප්ලාස්ටර් කරන්න පුළුවන්. (වාහනවල යනකොට වමනය යන අයට ෆාමසිවල විකුණන්න තියෙන Motion Sickness Bands වැඩ කරන්නෙත් ඔය කාසිය වගේම plastic බෝලයක් මැණික් කටුවට තද කරලයි).
ස්ථානය නිවැරදි වෙන්න ඕනේ: මැණික් කටුව මැද තියෙන ප්‍රධාන නහර දෙක (Tendons) අතරට තමයි කාසිය තියලා තද කරන්න ඕනේ. පැත්තකට වෙන්න තිබ්බොත් වැඩක් වෙන්නේ නැහැ.
සහනය තාවකාලිකයි: වාහනවල යනකොට හැදෙන ගමන් වමනයට (Motion sickness) හෝ සාමාන්‍ය බඩේ අමාරුවකදී එන ඔක්කාරයට මේකෙන් හොඳ සහනයක් ලැබෙනවා. හැබැයි ලෙඩක් (උදාහරණයක් විදිහට Food poisoning වගේ දරුණු ආසාදනයක්) නිසා වමනය යනවා නම්, කාසි ගැහුවා කියලා ඒක සුව වෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවට වෛද්‍ය ප්‍රතිකාර ගන්නම ඕනේ.
ඉතින් ඊළඟ වතාවේ ගමනක් යන්න කලින් වමනය යන්න වගේ එනවා නම්, කාසියක් තියලා ප්ලාස්ටර් එකක් ගහලා බලන්න. ඒක මිත්‍යාවක් නෙවෙයි, ඇඟේ නිල තෙරපීමෙන් සහනයක් ගන්න පුළුවන් සාර්ථක ක්‍රමයක්!
ඒ වගේම මෙන්න මේ දේවල් ගැනත් ඔබේ අවධානය යොමු කරන්න
ඉදිරි අසුන තෝරාගන්න: පුළුවන් හැමවිටම වාහනයේ ඉදිරි අසුනේ (Front seat) වාඩි වෙන්න. එතකොට ඇස් දෙකට ඉදිරි පාර කෙලින්ම පෙනෙන නිසා කනෙන් දෙන පණිවිඩයයි, ඇසෙන් දෙන පණිවිඩයයි සමාන වෙනවා. පටලැවිල්ල නැති වෙනවා.
ඈත ක්ෂිතිජය දෙස බලන්න: වාහනය ඇතුලේ තියෙන සීට්, ෆෝන් එක හෝ පොත් දිහා බලන්නේ නැතුව, වීදුරුවෙන් ඈත තියෙන නිශ්චල ගසක් හෝ ක්ෂිතිජය දෙස කෙලින් බලාගෙන යන්න.
සුළං වැදීමට හරින්න: වාහනයේ වීදුරුව මඳක් පහත් කර පිරිසිදු සීතල වාතය මුහුණට වැදීමට හැරීමෙන් ඔක්කාරය ගතිය ගොඩක් අඩු වෙනවා.
ඉඟුරු කෑල්ලක් සපන්න: ඉඟුරු (Ginger) කියන්නේ වමනය පාලනය කරන්න පුළුවන් විශිෂ්ට ස්වාභාවික ඖෂධයක්. ගමන යන්න කලින් ඉඟුරු තේ එකක් බීම හෝ ඉඟුරු කෑල්ලක් කටේ තබා ගැනීම ගොඩක් සහනදායකයි.
මේ විද්‍යාත්මක පදනම තේරුම් අරන්, ඊළඟ ගමන යනකොට මොළයට නිවැරදි සංඥා ලැබෙන විදිහට ගමන සැලසුම් කරගන්න. එතකොට ඔයාට වමනේ යන්නේ නැතුව ගමන සතුටින් අවසන් කරන්න පුලුවන්
Comments
Post a Comment