වෙන දෙයක් නෙමෙයි කියලා. නිකමට හිතන්න ලොතරයි කම්පැනියේ තියෙන ඔයාලා කවදාහරි හිතලා තියෙනවද ලොතරැයියක් දිනන එක වාසනාව මත විතරක්ම තීරණය වෙන දෙයක් නෙමෙයි කියලා. නිකමට හිතන්න ලොතරයි කම්පැනියේ තියෙන පොඩි දුර්වලතාවයක්.
ඒ කියන්නේ ලූප් හෝල් එකක් හොයාගෙන තමන්ගේ මොලෙත් පාවිච්චි කරලා නීත්‍යානුකූලව කෝටි ගණන් හෙව්ව මනුස්සයෙක් ගැන කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඔව් මේක නිකම්ම නිකන් කතාවක්වත්, හොරකමක්වත් නෙමෙයි. මේක ලෝකයේ සිද්ධ වුන ඇත්තම කතාවක්. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අන්න ඒ ඇත්තම සිදුවීම පදනම් කරගෙන 2022 අවුරුද්දේදී නිර්මාණය වුනු Jerry & Marge Go Large කියන මූවී එකයි. තමන්ට විතරක්ම නෙමෙයි තමන්ගේ මුළු ගමටම කෝටිපතිය වෙන්න පාර හදපු මේ අපූරු මනුස්සයාගේ කතාව ඇහුවම ඔයාලටත් පුදුම හිතෙයි.
ඉතින් මේ කතාව පටන් ගන්නේ Michigan වල Evart කියන පුංචි නගරයෙන්. මෙතන තමයි අපේ කතාවේ ප්‍රධාන නායකයා වන අවුරුදු 62ක් වයස Jerry සහ එයාගේ බිරිඳ ජීවත් වෙන්නේ. ඉතින් මේ Jerry කියන්නේ නිකම්ම නිකන් කෙනෙක් නෙමෙයි. ගණිතයට මාරම දක්ෂයෙක්. කොච්චර අමාරු ගාණක් වුනත් එයාට තත්පරෙන් විසඳන්න පුළුවන්. ඒ වගේම ඕනෑම දේක තියෙන රටාවක් ඒ කියන්නේ pattern එකක් එයාට ඉක්මනින්ම තේරුම් ගන්න පුළුවන් පුදුම හැකියාවකුත් තිබුණා. ඉතින් මේ Jerry එකම කම්පැනියක එක දිගටම අවුරුදු 30ක් වැඩ කරලා දැන් විශ්‍රාම අරගෙන තමයි ඉන්නේ.
මේක සමරන්න එයාගේ පවුලේ අය පුංචි පාටියක් ලෑස්ති කරනවා. ඉතින් එතනදී අපිට එයාගේ පුතා වන ඩක් වගේම එයාගේ දුව වන ඩොන්වත් බලාගන්න පුළුවන් වෙනවා. පවුලේ ඔක්කොම එකතු වෙලා රෑ කෑම කන ගමන් සතුටු වුනාට Jerryට නම් මේ විශ්‍රාම ජීවිතය ගැන කිසිම සතුටක් තිබුනේ නැහැ. මොකද එයාට දැන් කරන්න කිසිම වැඩක් නැති නිසා දවසම නිකන්ම බලාගෙන හිටපු තව බලාගෙන ඉන්න තමයි එයාට සිද්ධ වෙලා තියෙන්නේ. ඔහොම ඉන්නකොට දවසක් Jerry යනවා එයාගේ accountant ව ඒ කියන්නේ ස්ටීව්ව හම්බවෙන්න. ස්ටීව් Jerryට ඒ වෙලාවේදී කියනවා ඔයා ඔයාගේ ජීවිත කාලෙම හම්බ කරපු සල්ලි ඔක්කොම බංකුවේ දාලා තියෙන්නේ. ඒත් බංකුවෙන් දෙන්නේ 2%ක පොලියක් විතරයි.
ඔය සල්ලි stock market එකේ ඒ කියන්නේ share market එකේ invest කරා නම් ඔයාට අවුරුදු හතකින් ඔය සල්ලි ටික දෙගුණ කරගන්න පුළුවන් කියලා. ඒත් Jerry ඒකට කැමති වෙන්නේ නැහැ. එයා කියනවා share market එකේ ලොකු risk එකක් තියෙනවා. මගේ මුළු ජීවිත කාලෙම මහන්සියෙන් හොයපු සල්ලි ඒ වගේ අවදානමකට දාන්න මම ලෑස්ති නැහැ කියලා. එහෙම කියලා එයා එතනින් යන්න යනවා.
එතනින් පස්සේ ජෙරී යනවා ළඟම තියෙන කෝපි ෂොප් එකකට. එතන තියෙනවා වින්ෆෝල් කියන කම්පැනියේ ලොතරයිට් ටිකට් මැෂින් එකක්. ජෙරී දකිනවා එතන ඉන්න කඩේ අයිතිකාරයා කෙල්ලෙක්ට මේ ලොතරැයිය ගැන විස්තර කර කර ඉන්නවා. එයා කියනවා මේ ලොතරැයිය පළවෙනි තෑග්ග ඩොලර් මිලියන දෙකක් කියලා. ඒක දිනන්න නම් ටිකට් එකේ තියෙන අංක හයම දිනුම් ඇදලා අංක හයටම මැච් වෙන්න ඕනේ. හැබැයි කවුරුත් ඒක දිනුවේ නැත්නම් ඒ තෑගි මුදල ඊළඟට දිනුම් ලබන්න ඉන්න අයගේ අතරේ බෙදිලා යනවා.
ඒ කියන්නේ රෝල් ඩවුන් වෙනවා කියලත් පැහැදිලි කරනවා. ඉතින් කවුරුහරි පළවෙනි තෑග්ග දිනුවේ නැත්නම් සල්ලි බෙදිලා යනවා. ඒ කියන්නේ රෝල් ඩවුන් වෙනවා කියන්නේ කාගෙහරි ටිකට් එක අංක පහක් හතරක් හෝ තුනක් හරි ගැලපුනොත් එයාටත් ලොකු තෑග්ගක් හම්බ වෙනවා කියන එක. ඒ කියන්නේ ලොකු මුදලක් හම්බ වෙනවා. ඉතින් ජෙරී මේ හැම කතාවක්ම හරිම කල්පනාවෙන් අහගෙනයි හිටියේ. දැන් එයාට මේ ලොතරැයිය ගැන මාරම උනන්දුවක් ඇති වෙලා තියෙන්නේ.
ඩවුන් ක්‍රමයට සල්ලි ටික ඔක්කොම බෙදිලා යනවා. අන්න ඒ වෙලාවට මගේ ටිකට් එකේ අංක හයෙන් තුනක් හරි ගැලපුනොත් මට ඒ ටිකට් එකෙන් ඩොලර් 50ක් හම්බ වෙනවා. ඒ වගේම අංක හතරක් ගැලපුනොත් ඩොලර් 1000ක් හම්බ වෙනවා. ඉතින් ජෙරී හදලා බලලා තියෙන විදියට ටිකට් 55ක් ගත්තොත් ඒකෙන් එකකට අනිවාර්යයෙන්ම අඩුම තරමේ අංක තුනක් ගැලපෙනවා. ඒ වගේම ටිකට් 15කින් අංක හතරක් ගැලපෙන්න සම්භාවිතාවයකුත් තියෙනවා. දැන් ජෙරීට තේරිලා තියෙන්නේ එයා ලොතරයි සමාගමේ තියෙන ලොකුම දුර්වලතාවය.
ඒ කියන්නේ ලූප් හෝල් එක හරියට අල්ලගෙන තමයි ඉන්නේ කියලා. ඉතින් මේ දේ පාවිච්චි කරලා එයාට ලොකු සල්ලි ටිකක් හොයන්න පුළුවන් කියලා එයාට හොඳටම විශ්වාසයි. ඉතින් මේක ඇහුවට පස්සේ ස්ටීව්ට හයියෙන් හිනා යනවා. එයා කියනවා ලොතරයි කම්පැනි වල ඉන්නේ ලොකු ලොකු මොළකාරයෝ. ඔයා ඔය කියන දුර්වලතාවය ගැන එයාලා දන්නේ නැතුව ඇතිද කියලා
ඒත් ජෙරී තමන්ගේ තීරණය වෙනස් කරන්නේ නැහැ. එයා කෙලින්ම ගිහිල්ලා බෑන්ක් එකෙන් ඩොලර් 2000ක් ගන්නවා. අරගෙන ඒ සල්ලි වලින් ලොතරයි ටිකක් මිලදී ගන්නවා. ඔන්න ඉතින් දවස් කීපයකට පස්සේ අර මාසේ දිනුම් අංක ටික එළියට දානවා. ජෙරීත් හරිම උනන්දුවෙන් තමන්ගේ ටිකට් වල අංක ටික චෙක් කරලා බලනවා. හැබැයි එයාට තේරෙනවා මේ පාර එයාට ඩොලර් 325ක ඛේදවාචකයක් (පාඩුවක්) වෙලායි කියලා. මේක දැකලා ජෙරී ගොඩක් දුක් වෙනවා.
එයා හිතනවා සමහර විට එයාගේ ගණනය කිරීම් වල කොහේ හරි වැරැද්දක් වෙන්න ඇති කියලා. ඉතින් ජෙරී මේ ගැනම කල්පනා කර කර ඉන්නකොට එයාගේ බිරිඳ මාජ් ඇවිල්ලා අහනවා ඇයි මේ කලබලෙන් වගේ ඉන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ජෙරී ඇත්තම කතාව හංගලා කියනවා අපි හැමදේම හරියට කළත් සමහර වෙලාවට අපි හිතන දේවල් ඒ විදිහටම වෙන්නේ නැහැ නේ කියලා. එතකොටම මාජ් එයාට ආදරයෙන් මෙහෙම කියනවා දැන් ඔයා හිතන විදිහට දේවල් ඒ විදිහට මුනේ නැති වුණාට ඉස්සරහටත් එහෙමම වෙයි කියලා හිතන්න එපා. ජීවිතයේ වාසනාව වගේම අවාසනාවත් තියෙනවා නේ කියලා.
ඉතින් මාජ් කියපු මේ කතාවත් එක්කම ජෙරීගේ ඔලුවට මාරම අදහසක් එනවා. පස්සේ දවසේ එයා ආයෙමත් බෑන්ක් එකට යනවා. දැන් ජෙරීට තේරිලා තියෙන්නේ කොහොමද එයාගේ දිනුම් අවස්ථා වැඩි කරගන්නේ කියලා. ඉතින් ඊට පස්සේ එයා බෑන්කු කැෂියර්ට කාසියක් උඩ දාලා පෙන්නලා මෙහෙම කියනවා අපි මේ කාසිය 100 පාරක් උඩ දැම්මොත් සමහරක් විට 70 පාරක්ම එකම පැත්ත වැටෙන්න පුළුවන්. හැබැයි අපි මේ කාසිය 500 පාරක් උඩ දැම්මොත් දෙපැත්තම වැටෙන සම්භාවිතාව 50ට 50ක් වෙනවා. ඒ කියන්නේ 50%කට කිට්ටු වෙනවා.
ඒ කියන්නේ ජෙරීගේ අලුත්ම ගණනය කිරීම තමයි දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න නම් එයා තවත් ගොඩක් ලොතරැයි ටිකට් ගන්න ඕනේ කියන එක. හැබැයි මේ කතාවෙන් බැංකුවේ කැෂියර්ට නම් කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ජෙරී බැංකුවෙන් ඩොලර් 8000ක් අරගෙන ඒ සල්ලි වලින් win-fall company ලොතරැයි ටිකට් ගොඩක් මිලදී ගන්නවා. අරගෙන නොඉවසිල්ලෙන් ප්‍රතිඵල එනකම් බලාගෙන ඉන්නවා. ඉතින් දවස් කීපයකට පස්සේ ප්‍රතිඵල ආවම එයා ටිකට් වල අංක එකින් එක ගලපලා බලනවා. ටික වෙලාවක් මෙහෙම බලද්දී එයාට තේරෙනවා මේ පාර එයා ඩොලර් 15700ක් දිනලා තියෙනවා කියලා. ඒ කියන්නේ ඩොලර් 8000ක් වියදම් කරලා එයා ඩොලර් 7700ක ශුද්ධ ලාභයක් හොයාගෙන.
ඉතින් මේක දැකලා දැන් ජෙරීටම පුදුමයි. දැන් ජෙරී ගෙදර ගිහින් කරන්නේ මේ සල්ලි ටික ඔක්කොම පොප්කෝන් කන ලොකු බාස්කට් එකක් අස්සේ හංගන එක. ඇත්තටම එයාට ඕන වුණේ නැහැ මාජ්ට මේ ලොතරැයි ටිකට් ගැන කියන්න. හැබැයි ඉතින් දවස් කීපයකට පස්සේ මාජ් ගෙදර අස් කරනකොට මේ හංගපු ටිකට් ටික හොයාගන්නවා. දැන් ඉතින් කරන්න දෙයක් නැති නිසා ජෙරීට සිද්ධ වෙනවා ඇත්තම කතාව මාජ්ටත් කියන්න.
හැබැයි මේ ඔක්කොම ඇහුවට පස්සේ මාජ් තරහ වෙනවා වෙනුවට ගොඩක්ම සතුටු වෙනවා. එයා ජෙරීගෙන් අහනවා ඇයි ඔයා කලින් මට මේක ගැන කිව්වේ නැත්තේ? මටත් ඔයාට උදව් කරන්න තිබුණානේ. අනිත් එක මට ඔයාව ගණනය කිරීම් ඒ කියන්නේ කැල්කියුලේෂන් ගැන ලොකු විශ්වාසයක් තියෙනවනේ කියලා. තමන්ගේ බිරිඳගෙන් ලැබුණ මේ support එක ඇහුවම ජෙරීගේ විශ්වාසයත් තව වැඩි වෙනවා. ඊළඟ පාර මේ දෙන්නම එකතු වෙලා තමයි ලොතරැයි ටිකට් ගන්න යන්නේ. හැබැයි එයාලා කලින් ටිකට් ගන්න කඩේට ගියාට පස්සේ දකිනවා එතන තිබුණු win-fall machine එක අයින් කරලා වෙන company එකක මැෂින් එකක් එතනට ගෙනැල්ලා තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ මේ ගැන කඩේ අයිතිකාරයාගෙන් ඇහුවම එයා කියනවා win-fall company එකෙන් දැන් මේ ප්‍රාන්තයේ ටිකට් විකුණන එක නතර කරලා තියෙන්නේ.
ඒ ටිකට් ගන්න ඕනේ නම් වෙන ප්‍රාන්තයකට ඒ කියන්නේ වෙනම ස්ටේට් එකට යන්න වෙනවා කියලා. ඉතින් මේක ඇහුවට පස්සේ දෙන්නත් එක්කම බඩු ලෑස්ති කරගෙන ටිකට් ගන්න වෙන ස්ටේට් එකට යන්න පිටත් වෙනවා. පැය 10කට වඩා දිග ගමනක් ගිහින් තමයි මෙයාලා මේ win-fall ටිකට් විකුණන කඩේකට යන්නේ. එතනදී එයාලට කඩේ අයිතිකාරයාව හම්බ වෙනවා. එයාගේ නම තමයි බිල්. ජෙරී බිල්ට කියනවා අපිට ඩොලර් 16000ක win-fall ටිකට් ගන්න ඕනේ කියලා. මේක ඇහුවට පස්සේ බිල් කලබල වෙලා ජෙරී දිහා බලනවා. බිල් කියනවා ඩොලර් 16000ක ටිකට් පින්ට් කරන්න අඩුම තරමේ පැය 8ක්වත් යනවා. වැඩ තියෙන නිසා එච්චර වෙලා මේ මැෂින් එක ළඟට වෙලා ඉන්න බෑයි කියලා.
ඉතින් ඊට පස්සේ ජෙරී අහනවා අපිම මේ ටිකට් ටික පින්ට් කර ගත්තොත් ඔයාට ප්‍රශ්නයක් නෑ නේද කියලා. ඒ එක්කම බිල් ඒකට කැමති වෙනවා. ඉතින් ඊට පස්සේ ජෙරීයි මාජ්යි දෙන්නම එකතු වෙලා ටිකට් පින්ට් කරන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ මේ වැඩේ කරද්දී ගොඩක් රෑ වුණ නිසා දෙන්නා තීරණය කරනවා ළඟ තියෙන හොටෙල් එකක නවතින්න. එහෙදී දෙන්නම එකතු වෙලා ටීවී එකෙන් ලොතරැයි දිනුම් අංක ටික බලලා, එතනදී ටිකට් ටික එකතු කරලා ගලපලා බලනවා. ඉතින් ඊට පස්සේ එකින් එක ටිකට් චෙක් කරාට පස්සේ එයාලට තේරෙනවා එයාලා ඩොලර් 21,470 ක (හෝ 2,147 ක) ශුද්ධ ලාභයක් හොයාගෙන තියෙනවා කියලා.
ඉතින් ඊට පස්සේ පහු වෙනදා උදේම ජෙරී ලොතරැයි ඔෆිස් එකට ගිහිල්ලා එයාලා දිනපු සල්ලි වල චෙක් එක අරගෙන එනවා. ඉතින් චෙක් එක දැක්කට පස්සේ මාජ්ටත් මාරම සතුටුයි. ඉතින් ඊට පස්සේ එයා ජෙරීගෙන් මෙහෙම අහනවා, මේ ලොතරැයි කම්පැනියේ තියෙන මේ දුර්වලතාවය ඒ කියන්නේ ලූප් හෝල් එක ගැන අපි ඇරෙන්න වෙන කාටහරි තේරිලා තියෙන්න පුළුවන්ද කියලා. මේක අහපු ගමන්ම ජෙරීත් ටිකක් කල්පනාවට වැටෙනවා. ඔන්න දැන් කතාවේ අනිත් පැත්තට යනවා.
දෙවෙනි කොටසෙන් කතාවේ ඉතිරිය ගෙන එන්නම්
Comments
Post a Comment