එදිනෙදා ජීවිතයේදී අපි භාවිතයට ගන්නා කාසිවල මේ විදිහට ඉරි කපලා තියෙන්නේ ඇයි?
- Get link
- X
- Other Apps
කාසියක දාරේ දිහා හොඳින් බලන්න. එහි හරියට රෝදයක කට්ට කපලා තියෙනවා වගේ පොඩි ඉරි වගයක් තියෙනවා ඔබට ඇස් දෙකෙන් සහ ස්පර්ශයෙන් දැකගන්න පුළුවන් වේවි. රුපියලේ කාසියේ ඉඳන් හැම කාසියකම වගේ මේ ලක්ෂණය තියෙනවා. ඉතින් ඇත්තටම ඇයි එහෙම දෙයක් කරලා තියෙන්නේ ? ඩිසයින් එකකටද ? මේ ගැන ඔබ දැනගන්නේ ජීවිතේ පළමු වතාවට.
මීට අවුරුදු තුන් හාරසීයකට කලින් කාසි හැදුවේ රත්තරන් සහ රිදී වගේ වටිනා ලෝහ වලින්. එතකොට අද වගේ නෙවෙයි, කාසියේ වටිනාකම තීරණය වුණේ ඒකේ තියෙන ලෝහයේ බර අනුවයි. ඉතින් ඒ කාලේ හිටපු කපටි මිනිස්සු මරු වැඩක් කළා. ඔවුන් කාසියක දාරය වටේට හීන්සීරුවේ සූරලා ඒ රත්තරන් හෝ රිදී කුඩු ටික එකතු කරගත්තා.
ඇත්තටම මේක ලොකු ප්‍රශ්නයක් වුණා, මොකද කාසිය හීනි වුණාම ඒකේ නියම වටිනාකම නැති වෙනවා. හැබැයි එළියට පේන්නේ සාමාන්‍ය කාසියක් වගේමයි.
මේ "හොර වැඩේ" නතර කරන්න අපි කවුරුත් දන්න අයිසැක් නිව්ටන් විද්‍යාඥයාද සම්බන්ධ වුනා කියලා ඔබ දන්නවද ? ඔවුන් සියලුද දෙනාගේ එකමුතුවෙන් තමයි මේ අපූරු විසඳුම හොයාගත්තේ. අයිසැක් නිව්ටන් ඒ කාලේ බ්‍රිතාන්‍යයේ "Royal Mint", එහෙමත් නැත්තම් එක්සත් රාජධානියේ කාසි නිශ්දන ඒකකයේ ප්‍රධානියා විදිහට කටයුතු කළා කියලා ඔබ නොදන්නවා ඇති. අන්න එම කාලයේදී තමයි මේ කාසිවල දාරයේ ඉරි කැපීමේ ක්‍රමය (Reeding) වඩාත් ප්‍රචලිත වුනේ.
මෙහි අදහස හරිම සරලයි. කාසියක දාරයේ ඒ වගේ ඉරි රටාවක් තිබුණොත්, කවුරුහරි ඒක සූරලා ගත්තොත් ඒ රටාව කැඩිලා යනවා. එතකොට ඕනෑම කෙනෙකුට බැලූ බැල්මටම පේනවා මේ කාසිය වංචනික අදහසින් හූරපු එකක් කියලා.
ඒ කාලයට සාපේක්ෂව මේක සැබවින්ම විශාල තාක්ෂණික පෙරළියක් වෙන්න ඇති. මොකද අද කාලේ වගේ ඩිජිටල් සලකුණු නැති යුගයක, හුදෙක් භෞතික හැඩයකින් වංචාවක් නතර කරනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි.
ඔන්න දැන් ඔබට ප්‍රශ්නයක් ඇතිවෙන්න ඇති. අද කාලේ අපි පාවිච්චි කරන කාසි රත්තරන් හෝ රිදී නෙවෙයිනේ. බොහෝ වෙලාවට මේවා නිර්මාණය කරලා තියෙන්නේ නිකල් හෝ වෙනත් ලෝහ මිශ්රණයන් වලින්. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් ඇයි දැන් යි මේ ඉරි තාමත් තියෙන්නේ කියලා.
මතක තියාගන්න දැන් මේ ඉරි තියෙන්නේ වංචා නතර කරන්නම නෙවෙයි. දැන් කාසිවලට කැපුම් දාර එකතුකරන්නේ සාම්ප්‍රදායික දෙයක් විදියට. අනික තමයි දෘශ්යබාදිත අයට කාසි වෙන්කරලා හඳුනාගන්නත් මේ දාරයේ ස්වභාවය ගොඩක් උදවු වෙනවා.
දැන් බලන්න, රුපියල් 10 කාසියේ දාරයයි, රුපියල් 5 කාසියේ දාරයයි අතගාලා බැලුවොත් ඒ දෙකේ වෙනසක් තියෙනවා. ඒක වැඩකරන්නේ හරියට "බ්‍රේල්" අකුරු වගේ.
මම ඊයේ කාසියක් අතට අරන් බලනකොට මට හිතුණේ, අපි හැමදාම අල්ලන මේ වගේ පුංචි දෙයක් පිටුපස පවා ලෝක ඉතිහාසය වෙනස් කරපු ලොකු කතාවක් හැංගිලා තියෙනවා නේද කියලා. අපි සාමාන්‍යයෙන් හිතන්නේ මේවා නිකම්ම ලස්සනට කරපු දේවල් කියලා, හැබැයි ඇත්තටමඒවා පිටුපස ලොකු ඓතිහාසික කතාවක් තිබෙනවා.
මේකේ තියෙන රහස ගැන හිතලා බලනකොට මට එක තවත් දෙයක් මතක් වුණා. මෑතකදී කරපු සමීක්ෂණයකින් හෙළිවුණු විදියට, තමන්ගේ සාක්කුවේ තියෙන කාසිවල මේ දාරයේ රහස ගැන ලෝකයේ මිනිස්සුන්ගෙන් 90%කට වඩා දන්නේ නැහැලු.
කාසියක් කියන්නේ නිකම්ම ලෝහ කෑල්ලක් නෙවෙයි, ඒක අවුරුදු ගණනාවක ආරක්ෂණ උපක්‍රම වල එකතුවක්.
සරලවම කිව්වොත් මේ පුංචි ඉරි කෑලි තමයි එදා රත්තරන් කාසි හොරුන්ගෙන් බේරගත්තේ.
අපි හුඟක් වෙලාවට ලොකු තාක්ෂණයන් ගැන කතා කරනවා, හැබැයි මේ වගේ අතිශය සරල විසඳුමක් මගින් ඇති කරපු බලපෑම හරිම පුදුම සහගතයි නේද ? ඇත්තටම ඔයාලත් පොඩ්ඩක් බලන්න ඔයාලගේ අතේ තියෙන කාසි වල දාර එකිනෙකට වෙනස් වෙන්නේ කොහොමද කියලා. එකම වටිනාකම තියෙන පරණ කාසියකයි අලුත් කාසියකයි වුණත් මේ දාරයේ සියුම් වෙනස්කම් තියෙන්න පුළුවන්.
අපි ජීවත් වෙන්නේ හැමදේම ස්කෑන් කරලා බලන යුගයක වුණාට, අතීතයේ මිනිස්සුන්ට තිබුණේ මේ වගේ බුද්ධිමත්, පියවි ඇසට පෙනෙන සරල විසඳුම් විතරයි. ඉතින් ඊළඟ පාර කාසියක් අතට ගත්තම, ඒකේ දාරයේ තියෙන ඉරි ටික අතගාලා බලන ගමන් මතක් කරගන්න, ඔබ මේ අල්ලන්නේ වංචාවට එරෙහිව මිනිසා කරපු ලොකුම සටනක මතක සලකුණක් කියලා.
උපුටා ගැනීම අන්තර්ජාලයෙන්
- Get link
- X
- Other Apps

Comments
Post a Comment