කෝටි ගාණක් දිනන්න ලොතරැයියේ රහස හොයාගත්තු ජෝඩුව


 

අපිට පේනවා හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉන්න ටයිලට් කියන කොල්ලව. මේ ටයිලට් කියන්නේ පරිගණක විද්‍යාව. ඒ කියන්නේ කම්පියුටර් සයන්ස් ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්. එයා මේ දවස් වල ලොතරැයිපත අගම් ගැන ලොකු රිසර්ච් එකක් කර කර තමයි හිටියේ. ඔහොම හොයලා බලද්දී එයාටත් අර වින්ෆෝල් කම්පැනියේ තියෙන අඩු අහුවෙනවා.

ඉතින් දැන් ජෙරීට වගේම මේ ටයිලර්ටත් තේරිලා තියෙන්නේ කෝකටත් හැම පාරම මේ ලොතරැයින් සල්ලි දිනන්නේ කියලා. ඉතින් ටයිලර් එයාගේ යාළුවෙක්ට කියනවා අපිට ලොතරැයි ටිකක් ගන්න ලොකු සල්ලි ගොඩක් එකතු කරගන්න වෙනවා. එහෙම කළොත් මුළු ජීවිත කාලෙම රස්සාවක් කරලාවත් හොයන්න බැරි තරම් ලොකු සල්ලියක් අපිට බොහොම කෙටි කාලෙකින් හොයන්න පුළුවන් කියලා. මේ ප්ලෑන් එක ගැන අහලා එයාගේ යාළුවත් මේ වැඩේට උදව් කරන්න කැමති වෙනවා.

ඔන්න ආයෙත් කතාව ජෙරීගේ පැත්තට එනවා. ජෙරී මාජුයි දිනපු සල්ලි ටිකත් අරගෙන එයාලගේ ගමට එනකොට මාර්ශ් ජෙරීට මෙහෙම කියනවා. මම කල්පනා කළේ අපේ ගමේ ගොඩක් අයගේ ආර්ථික තත්ත්වය එච්චරම හොඳ නැහැනේ. හැබැයි අපි හිතුවොත් එයාලට කමට කීයක් හරි හොයාගන්න අවස්ථාවක් දෙන්න අපිට පුළුවන්. ඔයා මට කිව්වේ ගොඩක් සල්ලි දීලා ටිකට් ගත්තොත් දිනන්න තියෙන චාන්ස් එක වැඩියි කියලා. ඉතින් අපි ගමේ හැමෝගෙන්ම සල්ලි එකතු කරලා ටිකට් අරගෙන දිනුම් අහුවට පස්සේ ඒ සල්ලි ඔක්කොටම බෙදලා දුන්නොත් හැමෝටම ලාභ වෙනවා නේද කියලා. ඉතින් මාර්ශ්ගේ මේ අදහසට ජෙරීත් ගොඩක් කැමති වෙනවා.

ඉතින් පහුදා උදේම මේ දෙන්නා යනවා අර එයාලගේ කවුන්ටර් එකේ ස්ටීව් හම්බවෙන්න. එයා ස්ටීව්ට කියනවා අලුත් කම්පැනි එකක් පටන් ගන්න එයාලට අදහසක් තියෙනවා කියලා. ඒ වගේම ඒකෙන් කරන්නේ ගමේ අයගේ සල්ලි එකතු කරලා ලොතරැයි ටිකක් ගන්න එක. ඊට පස්සේ දිනන සල්ලි එයාලා දාපු සල්ලි වල ප්‍රමාණයට හරියන්න හැමෝටම බෙදලා දෙනවායි කියලා. ඉතින් ස්ටීව්ටත් මේ ප්ලෑන් එක නියමෙටම අල්ලලා යනවා. ඒ වගේම එයත් මේ කම්පැනියට සල්ලි දාන්න පටන් ගන්නවා. ඊට පස්සේ ජෙරී මාජුයි එයාලගේ යාළුවන්ටයි ගමේ අනිත් අයටයි මේ ප්ලෑන් එක ගැන පැහැදිලි කරලා දීලා සල්ලි එකතු කරන්න පටන් ගන්නවා.

ඒ එක්කම ගමේ ඉන්න අයත් ජෙරීව ගොඩක් විශ්වාස කළා. විශේෂයෙන්ම එයාගේ තියෙන ගණිත හැකියාව ගැන එයාලා හොඳටම දන්න නිසා කිසිම බයක් නැතුව එයාලගේ සල්ලි මේ වැඩේට ආයෝජනය කරන්න පටන් ගත්තා. ඉතින් දැන් ජෙරී මාජුයි ගාව ලොකු සල්ලි ගොඩක් තියෙනවා. ඉතින් මේ දෙන්නා ආයෙමත් යනවා අර බිල්ගේ කඩේට ඩොලර් දහස් ගාණක ලොකු ටිකට් තොගයක් පින් කරන්න හිතාගෙන. ඉතින් එතකොට බිල් කියනවා මෙච්චර ටිකට් තොගයක් පින්ට් කරනකන් මට කඩේ අරගෙන ඉන්න බැහැ. කඩේ ඇරලා තියෙන වෙලාවට විතරක් ඔයාලට මේක පින්ට් කරගන්න පුළුවන් කියලා. මේක ඇහුවම ජෙරී මාජු එයාලගේ ප්ලෑන් එක. ඒ කියන්නේ ටිකට් ගොඩක් අරන් ලොකු සල්ලික් දිනන විදිය ගැන බිල්ට පැහැදිලි කරලා දෙනවා. ඉතින් මේ ප්ලෑන් එක ඇහපු ගාම බිල් එකපාරින් කැමති වෙනවා විතරක්ම නෙමෙයි.

එයාලට කඩේ ඇතුලේ ටිකට් පින්ට් කරන්නත් අවසර දෙන ගමන්ම එයත් මේ කම්පැනියට සල්ලි දානවා. ඉතින් ඊට පස්සේ ජෙරී මාජුයි මුළු රෑම නිදි මරාගෙන ටිකට් පින්ට් කරනවා. පහුවදා ප්‍රතිඵල ආවහම තමයි එයාලට තේරෙන්නේ මේ පාර එයාලා ඩොලර් හැට දෙදාහක්ම දිනලා තියෙනවා කියලා. ඒ කියන්නේ එයාලා දාපු සල්ලි වලටත් වඩා දෙගුණයකටත් වඩා එයාලට හම්බවෙලා. ඉතින් මේක දැක්කට පස්සේ දෙන්නටම මාරම සතුටුයි. ඉතින් ඔන්න ඔය විදියටම මාස කීපයක්ම මේ වැඩේ දිගටම කරගෙන යනවා.

හැම මාසෙම බිල්ගේ කඩේට යනවා, ටිකට් පින්ට් කරනවා, ඒ වගේම දිනපු සල්ලි ටික අරගෙන එනවා. හැබැයි ටික කාලයක් ගතවෙද්දී ජෙරීට තේරෙනවා මේක හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. මොකද ලොතරැයි කම්පැනියට මේ අඩුව මාට්ටු උන ගමන්ම එයාලා ඉක්මනටම මේක හදනවා. ඒ නිසා කම්පැනිය මේක නවත්තන්න කලින් පුළුවන් තරම් ඉක්මනටම ලොකු සල්ලික් හොයාගන්න ඕනේ කියලා ජෙරී තීරණය කරනවා. අන්න ඒක නිසා ජෙරී මාජුයි අලුත්ම ප්ලෑන් එකක් ගහනවා ලබන මාසේ ඩොලර් ලක්ෂ හයකම ටිකට් ගන්නවා කියලා.

ඒ වගේම මේ වැඩේට එයාලා මැෂින් දෙකක් පාවිච්චි කරනවත් දවසට පැය දාහතරක් පහළොවක් විතර එක දිගට ටිකට් පින්ට් කරන්නත් ලෑස්ති වෙනවා. ඉතින් අපි කතාව දැන් අනිත් පැත්තට හැරුනොත් අපි කලින් දැක්ක හාවර්ඩ් එකේ කොල්ලා ටයිලරුත් එයාගේ යාළුවනුත් එකතු කරපු සල්ලි වලින් ලොතරැයි අරගෙන මේ වෙද්දී ලොකු ගානක් දිනලායි හිටියේ. ඒ වගේම එයා තීරණය කරනවා මේ දිනන සල්ලිත් ඔක්කොම දාලා ලබන මාසේ තවත් ටිකට් ගන්න. එතකොට තවත් ගොඩක් සල්ලි හොයන්න පුළුවන් කියලා.

ඉතින් ඔහොම ඉද්දී ටයිලර්ගේ යාළුවා එරික් ඇවිල්ලා කියනවා අපි මේ ලොතරයි කම්පැනියේ තියෙන අඩුවෙන් ප්‍රයෝජන අරන් සල්ලි හෙව්වට මිචිගන් වල ඉන්න වයසක මනුස්සයෙකුත් හරියටම මේ වැඩේ කරනවා කියලා. එයා වෙනම ටිකට් ගන්න නිසා තමයි අපේ දිනුම් සල්ලිත් බෙදිලා ගියේ. නැත්නම් අපිට මීට වඩා ගොඩක් සල්ලි හොයන්න තිබුණයි කියලත් එරික් කියනවා. ඉතින් මේක ඇහුවම ටයිලර් පුදුම වෙලා අහනවා උඹ කොහොමද මේක දන්නේ කියලත් අහනවා.

Comments

Popular posts from this blog

වයස අවුරුදු 35 පැන්න ගමන් ඔබ විසින් අනිවාර්යයෙන්ම ගන්න ඕන විටමින් වර්ග මෙන්න

වෛද්‍යය පීඨයට තේරි සිටියදී පෙම්වතා නිසා ජීවිතය කණපිට හැරවුණ මීගමුවේ සුරුපී සිරකාරියගේ ඇත්තම පැටිකිරිය

කොලෙස්ටරෝල් හැදෙයි කියල බයට පොල් කිරි ආහාරයට ගන්නේ නැද්ද? එහෙනම් මේ ගැනත් දැනුවත් වෙන්න