කරාබු නැටි සත්කාරය
කරාබු නැටි හතරක් පහක් අරගෙන නිකන්ම කබලක ටිකක් බැදගන්න. ඊට පස්සේ ඒක හොඳට කුඩු කරලා, පිරිසිදු මී පැණි මේස හැන්දක් කවලම් කරලා දවසකට දෙපාරක් කන්න ඕනේ.
නිකන්ම පැණි රහට කෑවට මේක ඇතුළේ ලොකු විද්යාවක් තියෙනවා. කරාබු නැටිවල තියෙනවා යුජිනෝල් (Eugenol) කියලා ප්රබල රසායනික සංයෝගයක්. මේක ස්වභාවික වේදනා නාශකයක් වගේම බැක්ටීරියා විනාශ කරන ප්රබල ආයුධයක්.
අනෙක් පැත්තෙන් මී පැණි වලට පුළුවන් අපේ කෙළත් සමග එකතුවෙලා හයිඩ්රජන් පෙරොක්සයිඩ් කියන රසායනිකය ස්වභාවිකවම නිපදවන්න
මෙහෙම හිතන්න. මීපැණි කියන්නේ උගුරේ තියෙන තුවාල වලට දාන ප්ලාස්ටරයක් වගේ. ඒ ප්ලාස්ටරේ ගෑවහම උගුරේ කසන ගතිය, වේදනාව නැතිවෙලා යනවා. ඒ ප්ලාස්ටරය අස්සෙන් කරාබු නැටි වල තියෙන යුජිනෝල් කියන බෝම්බය ගිහින් අර සෙම හදන බැක්ටීරියා ටික කුඩු පට්ටම් කරලා දානවා. ඉතින් සෙම හැදෙන එක එතනින්ම නතර වෙනවා.
කහ පානය
මේක හදද්දි ගොඩක් අය කරන ලොකුම වැරැද්දක් තියෙනවා. නිකන්ම කහ උණු වතුරට දාලා බිව්වට වැඩක් නැහැ. මේක හදන්න ඕනේ උණු වතුර කෝප්පයකට කහ කුඩු තේ හැඳි භාගයක් දාලා. ඒකට අනිවාර්යයෙන්ම ගම්මිරිස් කුඩු චුට්ටක් එකතු කරන්න. පුළුවන් නම් පොල් තෙල් හෝ ගිතෙල් බිංදුවක් දාන්න.
කහ වල තියෙන ප්රධානම ක්රියාකාරී සංයෝගය තමයි කර්කියුමින් (Curcumin). මේක ලෝකයේ තියෙන ප්රබලම ප්රතිදාහකයක්. ඒ කියන්නේ ඉදිමුම, තුවාල අඩු කරන දෙයක්. හැබැයි කර්කියුමින් වලට තනියම අපේ ඇඟට උරාගන්න බැහැ. අපේ අක්මාවෙන් මේක ඉක්මනින්ම විනාශ කරලා දානවා. අන්න ඒකයි අපි ගම්මිරිස් දාන්නේ.
ගම්මිරිස් වල තියෙන පයිපරීන් (Piperine) කියන සංයෝගය අර කහ වල තියෙන කර්කියුමින් ඇඟට උරා ගන්න එක 2000%කින් විතර වැඩි කරනවා. මේක තේරුම් ගන්න හරිම ලේසියි. හිතන්න කහ වල තියෙන කර්කියුමින් කියන්නේ ලොකු VIP කෙනෙක් කියලා.
එයාට ඇඟ ඇතුලට යන්න දොරෙන් අවසර දෙන්නේ නැහැ. හැබැයි ගම්මිරිස් වල තියෙන පයිපරීන් කියන්නේ අර VIP ගේ බොඩි ගාඩ්. බොඩි ගාඩ් ආපු ගමන් දොරවල් ඔක්කොම ඇරෙනවා. VIP ට කෙලින්ම ගිහින් පපුවේ තියෙන සෙම නිසා වෙලා තියෙන තුවාල සහ ඉදිමුම් ඔක්කොම සනීප කරන්න පුළුවන් වෙනවා.
කුරුඳු පානය
හැබැයි මතක තියාගන්න කඩේ තියෙන චීන කුරුඳු නෙමෙයි, අපේ නියම ලංකා කුරුඳු තමයි මේකට ඕනේ. පිරිසිදු කුරුඳු පොත්තක් කෑලි වලට කඩලා වතුර කෝප්පයකට දාලා හොඳට නටවලා උදේට හිස්බඩ බොන්න.
සිනමැල්ඩිහයිඩ් (Cinnamaldehyde) කියන රසායනික සංයෝගය කුරුඳු වල තියෙනවා. මේක මාරම විදිහේ බැක්ටීරියා සහ දිලීර නාශකයක්. සෙම නිසා අපේ ශ්වසන මාර්ගයේ බැඳිලා තියෙන විෂබීජ පටල කඩලා දාන්න මේකට පුළුවන්.
මේක හරියට තෙල්/මේද ගොඩක් බැඳිලා තියෙන පයිප්පයකට උණු වතුර සහ සබන් දාලා හෝදනවා වගේ වැඩක්. කුරුඳු පානය ඇඟ ඇතුළට ගියාම අර ගල් වෙලා තියෙන සෙම කුට්ටි ටික උණු කරලා, බුරුල් කරලා ඇඟෙන් එළියට යන්න ලේසි කරනවා.
Comments
Post a Comment