ලග්න රැසකට සුබ ප්‍රතිඵල.. ජීවිතය වෙනස් කරගන්න කැමති ඔබ මේ මෙන්න මේ ගැන දැනගන්න..
- Get link
- X
- Other Apps
මේ ගෙවී යන හැම තත්පරයක්ම ඔබට අතිශ්‍යය වැදගත්. ඒ විතරක් නෙවෙයි ලග්නයට අනුව ඔබේ සතිය සැලසුම් කරන ඔබ ඊට මොන තරම් මුල්තැනක් දෙනවාද..?
ඔබේ ලග්නයට අනුව මේ ඇසෙන කතාව මොන වගේද කියලා හරියටම දැනගන්නකෝ.
මේෂ ලග්නයමේෂ ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහ ගෝචරයට අනුව මේ සතියේ චන්ද්‍රයා 6,7,8 වැන්නේ ගෝචර වන හෙයින් මේෂ ලග්න හිමිකාර කම් කියන අයට හදිසි අනතුරු වැටීම්, තැලීම්, තුවාල වීම ප්‍රධාන වශයෙන් ජලයෙන්, විදුලියෙන්, ගින්නෙන් සිදුවිය හැකි බැවින් ද 7 අවුරුදු ඒ රාෂටක අපල කාලය 12 වැන්නේ පිහිටි හෙයින් දුර බැහැර ගමන් බිමන් යෙදුන ද ඒවායින් පාඩු සිදු වන බැවින් අත්‍යවශ්‍ය ගමනක් නම් පමණක් නිවසින් පිටවෙනව නම් හොඳයි. කට පරිස්සම් කරගෙන වචන හුවමාරු කරන්න. අත මිට මුදල් පැවතිය ද රඳවා ගැනීමට අපහසු වන සතියකි. කාලයත්, ශ්‍රමයත් නිකරුණේ වියදම් කිරීමට සිදු වන සතියකි. කැස්ස, උගුරේ ආසාදන, සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග ඇති වේ. පවුලේ අය සමඟ සහයෝගය ඇතිව කටයුතු කිරීම හොඳයි. ජයග්‍රාහී කටයුතු සඳහා අඟහරුවාදා සුබයි.
සුබ වර්ණය- රතු - ජය අංක - 15,22
වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහ චාරයේ දී චන්ද්‍රයා 5,6, 7 වැන්නේ ගෝචරය වන නිසා මේ සතිය තුළ විදේශ ගමන් සඳහා සුබයි. ආනයනය අපනයන ක්ෂේත්රයේ නියැලෙන අයට වඩා වාසිදායක ලාභ බලාපොරොත්තු විය හැක. උසස් අධ්‍යාපන කටයුතු සඳහා වඩාත් සුබයි. මේ සතිය වාසනාවන්ත වන අතර දුර දිග බලා තීන්දු තීරණ ගන්නේ නම් හොඳයි.
ලොතරැයි වාසනා, භූමි ලාබ ඇති අතර අන් අයගේ ආකර්ෂණය ඇතිවන ව්‍යාපාර වලට සුබයි. බාල සහෝදර ආදීන්ගේ කටයුතු වෙනුවෙන් කාලය වැය කිරීමට සිදුවේ. හන්දිපත් වේදනා, අතපය කැක්කුම, සහ උණ රෝග වැලඳීමට ඇති ඉඩකඩ වැඩිය. සිකුරුගේ, ගුරුගේ දශා අතුරු දශා ගෙවමින් පවතින අයට සුබයි. සුබ කටයුතු සඳහා සිකුරාදා දින යොදා ගන්න. නිවාස කටයුතු සඳහා වඩාත් සුබ දායක වේ. අලුත් සැලසුමකට අනුව කටයුතු කිරීම ඔබගේ ඉදිරි අනාගතයට යහපත් ප්‍රතිඵල උදාවේ.
සුබ වර්ණය - සුදු ජය අංක - 7,12
මිථුන ලග්නයමිථුන ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහ චාරය මේ සතිය තුල චන්ද්‍රයා 4,5,6 වැන්නේ ගෝචරය වන හෙයින් මිථුන ලග්න හිමියන් හට සුබම සුබ ඵල උදා කරන සතියකි. ප්‍රමාද වූ වැඩ කටයුතු රැසක් ම මේ සතිය තුළ සංවිධානය කර ගත හැක අත්හැර දැමූ හා කල් දැමූ වැඩ අලුතින් පෙළ ගස්සවා ගත හැකි සතියකි. සතුටින් කල් ගෙවීමට හැකියාව ලැබේ. තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ කාර්යන් වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කරන සතියකි. ගේ දොර වැඩ කටයුතු වල වුව ද සාර්ථකත්වයක් පෙන්වයි. සමහර අවස්ථා වලදී ශරීර සෞඛ්‍ය පිළිබඳ ගැටලු මතුවේ. යටි බඩ ආශ්රිතදෝස මතු වේ. කොන්දේ කැක්කුම, වේදනාව මතු විය හැක. දුර බැහැර ගමන් බිමන් ඇති වේ. පවුලේ සමගිය වර්ධනය කරගත හැක. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට හැකි වේ.
සුබ වර්ණය - කොළ ජය අංක - 1-16
කටක ලග්නය ඔබගේ චන්ද්‍රයා 3,4,5 වැන්නේ ගෝචර වන බැවින් මේ සතිය තුළ කටක ලග්න ඔබට තරමක සහනදායි කාල සීමාවක් උදාවි ඇති බැව් පෙනේ. භූමි ලාබ, කෘෂි කර්මාන්තයෙන් ලැබෙන ලාබ, මෙන්ම වසනා ලොතරැයි දින්නුම් ආදිය හිමිව පවතින කාලයකි. අත මිට මුදල් ගැවසෙන අත දිග හැර වියදම් කිරීමට මැළි නොවන සතියකි. එමෙන්ම හදිසි අනතුරු වැටීම් තැලීම් තුවාල වීම් වලට ලක්වන සතියකි. දුර බැහැර ගමන් යෙදුණ ද ඉන් අනතුරු වලට ලක්වීමට ඉඩ ඇති බැව් හොඳින් මතක තබා ගන්න. සහෝදර පාර්ශ්වයන්ගෙන් සහයෝගය සහ උදව් උපකාර ලැබෙන සතියකි. ගේ දොර ඉඩකම් වල පැවතී ගැටලු, ප්‍රශ්න නීතිමය ගැටලු නිරාකාරණය කර ගැනීමට මේ සතියේ හැකියාව ලැබේ. වාහන ලාබ මෙන්ම වාහන වල යද්දී තමන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ. සුබ වර්ණය- ක්‍රීම් පැහැය ජය අංක - 4-19 සිංහ ලග්නයසිංහ ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ග්‍රහ චාරය මේ සතිය තුළ ක්‍රියාත්මක වැන්නේ ලග්නයේ, 2,3,4 වැන්නේ සිදු වෙන බැවින් සිංහ ලග්න හිමි ඇයගේ ග්‍රහ ගෝචර ගමනේදී සෙනසුරු 8 වැන්නේ සිටින බැවින් මේ සතිය තුළ අධ්‍යාත්මික, කායික මානසික ශාරීරික වශයෙන් ඔබ ගිලන් ගත වීමට ඇති ඉඩ කඩ වැඩි බැවින් සිත සමාධි ගත වන භාවනාවක් හුරු පුරුදු කර ගන්නේ නම් සිතට සැනසුම ඇතිකර ගත හැකිය. ව්‍යාපාර රැකී රක්ෂා, කටයුතු වෙනුවෙන් වෙහෙසක් දැරීමට සිදුවන සතියකි. නොකළ වැරදිවලට හසු වීමටත්, නින්දා අපහාස විඳීමටත් සිදුවන බැවින් අන් අය විශ්වාස කිරීමෙන් වළකින්න. නව නිර්මාණ කරන අයට සහ කාව්‍ය, ගීත නිර්මාණය කරන අයට යහපත් සතියක් වන අතර සොඳුරු නිර්මාණ බිහිකිරීමට සුදුසු කාලය මෙය වේ. තමන්ගේ රැකියාවට හා ව්‍යාපාර කටයුතු වලට යහපත් වන සතියකි. මුදල් හම්බ කිරීමට හා ඉපයීමට මේ සතිය යහපත් වේ.
සුබ වර්ණය- තැඹිලි ජය අංක - 9-13 කන්‍යා ලග්නයකන්යා ලග්නයන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ග්‍රහ චාරය මේ සතියේ ලග්නයේ දෙවැන්නේ 3 වැන්නේ ගෝචර වන හෙයින් අතිරේක වැය වීම් උපයන ධනය නිකරුණේ විනාශ වීම් මෙන්ම සොර සතුරු බිය පීඩා ඇති වීමට හේතු විය හැකි සතියකි. වැටීම්, තැලීම්, තුවාල වීම් පමණක්ම නොවේ. මානසික ආතතිය පවා ඇතිවන සතියකි. මාරක අපල, මෙන්ම පවුලේ යගේ අසමගිය නිසා එකිනෙකා කෙරෙහි අන්න්‍යොන්‍ය බැඳීම් පළුදු වී පවුලේ දුරස්ථතාවය වර්ධනය වේ. දුර බැහැර හිතවතකුගේ මරණයක් අසන්නට ලැබේ. වන්දනා ගමන්, විනෝද චාරිකා වලට හොඳයි. විදෙස් සංචාර වලට පවා හොඳයි. සිතේ සතුට බිඳී යෑමට හේතු වේ. විනෝදය පිරී තැනක වුවද ඔබට පාළු ගතියක් කනස්සල්ලක් ඇති විය හැක. දණහිසෙන් පහළ කොටසේ අපහසුතා මෙන්ම හන්දිපත් අමාරු අත පය වේදනාව, අට මිදුළුවල බිඳීයෑම් සමඟ වේදනා කැක්කුම ඇති සතියක් කන්‍යා ලග්නයෙන් උපන් ඔබට උදා වේ.
සුබ වර්ණය ළා කොළ - ජය අංක - 9-14
තුලා ලග්නය තුලා ලග්නයෙන් ඔබගේ චන්ද්‍රයාගේ ග්‍රහ චාරය මේ සතිය තුළ 12, ලග්නයේ සහ දෙවැන්නේ ගෝචර වන හෙයින් මේ සතිය තුළ සහයට පැමිණෙන අයගෙන් ප්‍රවේසම් විය යුතුයි. හදිසි අනතුරක දී වුවද පැමිණෙන අය ඔබගේ මුදලුත්, රන් භාණ්ඩත් සොරාගෙන සැඟව යනු ඇත. ඔබගේ වටිනා වස්තුන් ප්‍රවේසම් කර ගත යුතුයි. තම ළඟම හිතවත් අයගෙන් ප්‍රවේසම් වන්න. රැකියාව පිළිබඳ ගැටලු මතුවන කාලයකි. සේවා ස්ථානයේ තරගකරුවන් හා තරහා කාරයන් ඇති වීමට පුළුවන්, විවාහ අපේක්ෂක අයට සුබදායක වේ. විවාහ සහකරුවන් මුණ ගැසෙන සතියකි. එමෙන්ම පවුලේ වැඩිහිටි ඇයගේ ආශිර්වාද හිමි වේ. මුදල් ප්‍රශ්න මතු වේ. ඔබගේ අවශ්‍යතාවයට අනුව මුදල් ප්‍රමාණවත් නොවේ. දරුවන්ගේ කටයුතු වලදී මුල් තැන අරගෙන කටයුතු කළ යුතු වේ. ලිපි ලේඛන කටයුතු වලදී ප්‍රවේසමෙන් කටයුතු කරන්න. සමහර අවස්ථා වලදී ඔබට ඉන් අවැඩක් විය හැක. බඩේ අමාරු, අජීර්ණ ඇතිවිය හැකි බැවින් ගන්නා ආහාර පිළිබඳ සැලකිලිමත් වන්න. විදේශ ගමන වලට යහපත් වන අතරඑවැනි වැඩ කටයුතු වලදී මූල්‍යමය වංචා වලට ලක්විය හැකි බැවින් ප්‍රවේසම් වන්න.
සුබ වර්ණය - රෝස ජය අංක 12-16
වෘශ්චික ලග්නයවෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ගෝචර ගමනේදී චන්ද්‍රයා 11,12 වැන්නේ, සහ ලග්නයේ සිටින බැවින් තරමක අපහසුතා ඇතිවන කාලයකි. නීතිමය ගැටලු ඇති අය ප්‍රවේසමෙන්, හැරී හැටි තීන්දු තීරණ ගැනීමෙන් ඔබේ යහපතසපල වේ. සහයෝගයට පැමිණෙන අයගෙන් ප්‍රවේසම් වන්න. හදිසි අනතුරු වැටීම්, තැලීම්, තුවාල වීම් සිදුවන බැවින් ගමන් යෑමේදී ප්‍රවේසමෙන්. දුර බැහැර ගමන් වලින් වාසි සැලසිය හැක. තම සහකරුගේ හෝ සහකාරියාගේ පාර්ශ්වයෙන් ලැබිය යුතු හිමිකම් වලින් වාසි සැලසේ. ගේ දොර ඉඩ කඩම් පිළිබඳ පැවති ගැටලු නිර කරණය කරගැනීම හැකි වේ. මව් පාර්ශ්වයේ අයගෙන් දෝෂාරෝපණ එල්ල වේ. ඔබව අන් අය කොපි කිරීම නිසා ඔබගේ තැන අන් අය අල්ලා ගනී. නව රැකියා හිමිවීම හෝ රැකියා මාරු වලට සහ නව රැකියා හිමිවීමට මේ සතිය යහපත් ය. ව්‍යාපාර, වෙළෙඳ කටයුතු වලින් වැඩිපුර මුදල් ඉපයිය හැකි අතර අත මිට මුදල් යහමින් ගැවසෙන කාලයකි. ලේ සහිත දෝෂ හා සමේ ආසාදන ඇතිවිය හැක. දද වන, කුෂ්ට, පිළිකා ආදිය ඇතිවීමේ ඉඩ කඩ ඇති කාලයකි.
සුබ වර්ණය- රතු - ජය අංක -1-18
ධනු ලග්නයධනු ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ග්‍රහ ගෝචර ගමන 10,11,12 වැන්නේ සිදුවන බැවින් දරුවන්ගේ කටයුතු සඳහා කාලයත්, ශ්‍රමයත්, ධනයත් වැය කිරීමට සිදුවන කාලයකි. දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යෙදවිය යුතු වේ. ප්‍රේම සම්බන්ධතා වලට යහපත් වන අතර සාර්ථක විවාහ දිවියකට හිමිකම් කියයි. දෙපාර්ශ්වයේ ආශිර්වාදය හිමි වේ. සහයෝගික සම්බන්ධයක් මත විශ්වාසය තහවුරු වේ. නීතිමය ගැටලු වලට හේතු පැවති. මුදල්වල ගැටලු වලට මුහුණ දීමට සිදුවන වේ. අමතක වීම් නිසා කාලය මිඩංගු වේ. කොන්දේ අමාරු, හන්දිපත් අමාරු මේ සතිය තුළ ඇති වේ. පෙර පින් මතු කරගැනීමට හැකියාව පවතින කාලයකි. එමෙන්ම නව නිර්මාණ, කෘති රචනා එළි දැක්වීමට හැකියාව පවතින සතියක් වන අතර, ඒවා ජනප්‍රිය කර ගැනීමට හොඳම කාලය මේ සතියෙන් උදාවේ.
සුබ වර්ණය - කහ - ජය අංක - 5-17
මකර ලග්නයසුබ වර්ණය - නිල් - ජය අංක - 8-12
මකර ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ග්‍රහ ගෝචර ගමන මේ සතියේ 9,10,11 වැන්නේ ක්‍රියාත්මක වන බැවින් ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතු වේ. නීතිමය ගැටලුවක් සඳහා මුහුණ පෑමට සිදු වේ. එය ඔබට අවාසි සහගත වේ. කෘමි සතුන්ගෙන් අනතුරක් ඇති වීමට හැකි බැවින් රාත්‍රී කාලයේ ප්‍රවේසම් වන්න. ඔබගේ සමීපතමයින් ඔබට හොර බොරු වංචා වලට ඔබව හසු කිරීමට පෙළඹේ. ප්‍රවේසමෙන් කටයුතු කරන්න. හදිසි අනතුරු අවිආයුධ වලින් සිදුවන අනතුරු වල බලපෑමක් එල්ල වේ. පැරණි සම්බන්ධයක් අලුත් වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට යහපත් සතියකි. නව නිපැයුම් වලට හා නව සාහිත්‍ය නිර්මාණ වලට යහපත්, සහ රසවත් නිර්මාණ ඔබ තුළින් බිහිවේ. ව්‍යාපාර කටයුතු කරන අයට යම් තරමක යහපත් කාලයක් වේ. අත මිට මුදල් ගැවසෙන නමුත් අත ඉතිරියක් නොවේ. ස්ථිර අදායමක් සහ ස්ථාවර තැන්පත් ගොඩනඟා ගැනීමට මහන්සි විය යුතුයි. යටිබඩ ආශ්‍රිතව අපහසුතා සහ මුත්‍රා ආසාදන ඇති වේ. උසස් අධ්‍යාපන කටයුතු වලට යහපත් වන අතර තරගකාරී අධ්‍යාපන කටයුතු වලින් ජයග්‍රහණය ද හිමි වන සතියකි.
සුබ වර්ණය - නිල් - ජය අංක - 8-12
කුම්භ ලග්නය.කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ග්‍රහ ගෝචර ගමන 8,9,10 වැන්නේ සිදුවන බැවින් අධ්‍යාපන කටයුතු වනුවෙන් කැපවීම අත්‍යවශ්‍ය වේ. තරගකාරී විභාග වල ප්‍රතඵල සාර්ථක වේ. ක්‍රීඩා කටයුතු වල ජයග්‍රහණය අත් වේ. දුර බැහැර ගමන් බිමන් යෙදේ. ශරීරය අභ්‍යන්තරයේ ඇතිවන පීඩාවක් නිසා දුක් විඳීමට සිදුවේ. මංගල යෝග උදාවේ. විවාහ යෝජනාවන් සඵල වී ඒ සඳහා දින වකවානු තීන්දු වේ. තමන්ට අයිති වස්තුවක් අහිමි වීමට ඉඩ ඇත. ලොකුකම ආඩම්බරකම නිසා කා අතරත් අප්‍රසාදයට ලක් වේ. මහන්සියේ තරම් ප්‍රතිඵල නැත. වෙහෙස මහන්සිය නොබලා කටයුතු කිරීමට සිදුවේ. හදිසි අනතුරු වැටීම්, තැලීම්, තුවාල වීම් මෙන්ම ගෘහ ආශ්රිත අනතුරු වලට ද හේතු වේ. ජලයෙන්, ගින්නෙන්, විදුලියෙන් අනතුරු ඇතිවන සතියක් බැවින් ප්‍රවේසම් වන්න.
සුබ වර්ණය- ළා නිල් - ජය අංක 2-18
මීන ලග්නයමීන ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ග්‍රහ ගෝචර ගමන 7,8,9 වැන්නේ සිදු වන බැවින් ගෙදොර කටයුතු අලුත් වැඩියා කටයුතු වලට මුල් තැන් දී කටයුතු කිරීමට සිදුවේ. දරුවකුගේ උත්සව අවස්ථාවක් සඳහා සූදානමක් ඇති වේ. පවුලේ අය වෙනුවෙන් වැඩි මහන්සියක් දැරීමට සිදුවේ. දුර බැහැර නෑදෑ හිතවතුන්ගේ උදව් උපකාර ලැබේ. ශරීරයේ අපහසුතාවයන් සඳහා බෙහෙත් ඖෂධ ලබා ගැනීමට සිදුවේ. හදිසි ප්‍රතිකාර හෝ ශල්‍ය කර්ම වලට භාජනය වේ. මේ කාලය සෙනසුරු එරාෂ්ටක අපල යෙදෙන බැවින් ප්‍රවේසම් වීම අනිවාර්ය වේ. හදිසි අනතුරු ගෘහ ආශ්රිත අනතුරු ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි බැවින් ප්‍රවේසම් වන්න. ගේ දොර ඉඩ කඩම් හෝ යාන වාහන වල ගැටලු ඇති වේ. කලක් තිස්සේ පැවති ප්‍රධාන ප්‍රශ්නයකට විසඳුම් ලැබේ. ආර්ථික ගැටලු වලට විසඳුමක් ලබා ගැනීමට හැකි වේ. යටි පතුල් පැලීම් ගල් තැලුම් නිසා වේදනාව අධික වන සතියකි. නීතිමය ගැටලු ඇතිවිය හැක. මුදල් පිළිබඳ ආරවුලක් දුරදිග යෑමට සහ ගත් ණයක් පියවීමට මුදල් සොයා ගැනීමට වෙහෙස වීමට සිදු වන සතියකි
සුබ වර්ණය - ළා කහ - ජය අංක - 3-9
දිවයින පුවත්පත ඇසුරෙන්..
- Get link
- X
- Other Apps

Comments
Post a Comment