මේ බල්ලා හැමදාම මේ කාණුව දිහා බලන් ඉන්නවා - කාණුව විවෘත කර බලු පසු දුටු දෙයින් ලොවම පුදුමයට පත් වුණා

අද අපි ඔබට කියන්න යන්නේ තුර්කියේ එක්තරා කුඩා නගරයක සිදු වූ හරිම අපූරු සිදුවීමක් ගැනයි. මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ හරිම බුද්ධිමත් මෙන්ම කරුණාවන්ත සුනඛයෙක්. ඔහුගේ නම ඇලෙක්ස්. ඇලෙක්ස්ගේ තිබුණු අහිංසක සහ සුහදශීලී ගතිගුණ නිසාම පාරේ යන එන හැමෝම වගේ ඇලෙක්ස් ළඟ නතර වෙලා, ඔහුත් එක්ක පොඩ්ඩක් කතා කරලා, ඔළුව අත ගාලා යන්න කිසිම වෙලාවක අමතක කළේ නැහැ.

මේ සුනඛයාගේ අයිතිකාරිය වුණේ අයිරිනා නමැති කාන්තාවක්. අයිරිනා හැමදාම වගේ හවස් වරුවට ඇලෙක්ස් එක්ක නගරයේ ඇවිදින්න යන්න පුරුදු වෙලා හිටියා. නමුත් එක්තරා සුවිශේෂී දවසක ඇලෙක්ස් වෙනදාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්, අමුතුම විදිහක හැසිරීමක් පෙන්නුම් කරන්න පටන් ගත්තා.එදා අයිරිනා තමන්ගේ සුරතලා එක්ක සුපුරුදු පරිදි ඇවිදගෙන යද්දී, මස් කඩේ ඉඳන් සැතපුම් කිහිපයක් ඈතින් තිබුණු එක්තරා ස්ථානයක ඇලෙක්ස් එකපාරටම නතර වුණා. ඉන්පසු ඔහු එම ස්ථානයේ තිබූ විශාල කානු දොරටුවක් දෙසට හැරී ඉතාමත් නොසන්සුන් ලෙස බුරන්නට පටන් ගත්තා.

ඇලෙක්ස් කොච්චර හයියෙන් සහ දරුණු විදිහට බිරුවද කියනවා නම්, ඒ අසලින් ගිය පදිකයන් පවා බියට පත් වුණා. තම සුරතලා කවදාවත් මේ වගේ නොහික්මුණු විදිහට හැසිරී නොතිබුණු නිසා අයිරිනා දැඩි ලෙස කලබලයට පත් වුණා. ඇය ඔහුව එම ස්ථානයෙන් ඉවත් කර ගන්න වගේම නිශ්ශබ්ද කරන්න උපරිම උත්සාහ කළත්, ඇලෙක්ස් අඟලක්වත් සෙලවුණේ නැහැ.

Comments

Popular posts from this blog

වයස අවුරුදු 35 පැන්න ගමන් ඔබ විසින් අනිවාර්යයෙන්ම ගන්න ඕන විටමින් වර්ග මෙන්න

වෛද්‍යය පීඨයට තේරි සිටියදී පෙම්වතා නිසා ජීවිතය කණපිට හැරවුණ මීගමුවේ සුරුපී සිරකාරියගේ ඇත්තම පැටිකිරිය

කොලෙස්ටරෝල් හැදෙයි කියල බයට පොල් කිරි ආහාරයට ගන්නේ නැද්ද? එහෙනම් මේ ගැනත් දැනුවත් වෙන්න