"කතා කළා.. කතා කළා ෆෝන් එක උස්සන්නේ නෑ, අනේ මට කෝල් එකක් තව වෙනකන් දුන්නේ නෑ.." සියල්ලන් අතර මතකය පමණක් ඉතිරි කරමින් මාස 7ක මල් කැකුළත් , පුංචි පවුලත් හැරදා ඔහු සදහටම දෙනෙත් පියාගනී.. මීගමු බන්ධනාගාර සිද්ධියේ තවත් ඛේදාන්තයක් මෙන්න..
බන්ධනාගාර සිද්ධියෙන් අවාසනාවන්ත ලෙස දිවි අහිමිවූවන් අතර ඔහුත් එක් අයෙක්..
බුලත්සිංහල දෙල්මෑල්ල අඹගහකන්ද පදිංචි බන්ධනාගාර පොලිසියේ දර්ශන තරංග අතුකෝරල, වයස අවු 36 ක තරුණයෙක්. ඔහු වැලිකඩ බන්ධනාගාරයට අනියුක්තව රාජකාරී ඉටුකළ අයෙකු වන අතර, පසුව එදා සිද්ධිය වන අවස්ථාවේදී ඔහු මෙම ස්ථානයට ගොස් තිබෙනවා.
බුලත්සිංහල ජාතික පාසලේ ආදි සිසුවෙකු වන ඔහු ක්රිකට් ක්රීඩාවට දක්ෂතා දැක්වූ අයෙක්. එසේම මෙම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු සහ සහොදරියක් සිටින අතර, මෙලෙස ජීවිතක්ෂයට පත්වූ තරංග පවුලේ බාලයා වනවා.
ඔහු ක්රිකට් ක්රිඩාවට දක්ෂ නිලධාරයෙක් වන අතර මීට අවුරැදු තුනකට පමණ පෙර විවාහ පත්ව ඇති බවටයි වාර්තා වෙන්නේ. මේ වන විට එක්දරු පියෙකු වන තරංගට වයස මාස හතක බිළිදියක් සිටින බවයි වාර්තා වෙන්නේ.
Comments
Post a Comment