කැබ් රථයක ගැටීමෙන් භික්ෂූන් වහන්සේ 8නමක් අපවත් වෙති


 

ඊසානදිග තායිලන්තයේ මුක්දහාන් පළාතේ පාගමනක යෙදී සිටි භික්ෂූන් වහන්සේලා පිරිසක් වෙත 11 හැවිරිදි බාලවයස්කාර දරුවෙකු පැදවූ කැබ් රථයක් කඩා වැදීමෙන් භික්ෂූන් වහන්සේලා අට නමක් අපවත් වී ඇති බව එරට පොලිසිය පවසයි.

මෙම අනතුරින් තවත් භික්ෂූන් වහන්සේලා 13 නමකට බරපතළ තුවාල සිදුව ඇත.

මුවැන්ග් දිස්ත්‍රික්කයේ බන් නා සි නුවාන් ප්‍රදේශයේදී අද (2) දහවල් 12ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

අනතුර සිදුවූ වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සහ සහන සේවා කණ්ඩායම් එම ස්ථානයට ළඟා වනවිටත්, අනතුර හේතුවෙන් භික්ෂූන් වහන්සේලා කිහිපනමක් මාර්ගය අසල වැටී සිටි බව වාර්තා වේ.

Comments

Popular posts from this blog

වයස අවුරුදු 35 පැන්න ගමන් ඔබ විසින් අනිවාර්යයෙන්ම ගන්න ඕන විටමින් වර්ග මෙන්න

වෛද්‍යය පීඨයට තේරි සිටියදී පෙම්වතා නිසා ජීවිතය කණපිට හැරවුණ මීගමුවේ සුරුපී සිරකාරියගේ ඇත්තම පැටිකිරිය

කොලෙස්ටරෝල් හැදෙයි කියල බයට පොල් කිරි ආහාරයට ගන්නේ නැද්ද? එහෙනම් මේ ගැනත් දැනුවත් වෙන්න