"මූ නම් සිරාවටම කු*ඩු ග*හනවා ඇති බං... බලපන්කෝ හැටි, ඇටසැකිල්ලක් වගේ, තාත්ත විල් ස්මිත් නේ මේකා එයාගේ සල්ලි නාස්ති කරන නාස්තිකාරයෙක්"
සෝෂල් මීඩියා පාවිච්චි කරන ඔයාට, මීට අවුරුදු කිහිපයකට කලින් මෙන්න මේ වගේ පින්තූර සහ පෝස්ට් ඕනෑතරම් හම්බවෙන්න ඇති. ඒ පින්තූරවල හිටියේ ලෝකප්‍රකට හොලිවුඩ් නළු විල් ස්මිත්ගේ (Will Smith) ආදරණීය පුතා, ජේඩන් ස්මිත් (Jaden Smith).
කෙට්ටුවෙලා මූණ වැහැරිලා, අමුතුම විදිහේ ඇඳුම් ඇඳගෙන, පාරවල් ගානේ ඇවිදින ජේඩන්ගේ පින්තූර දාලා ලංකාවේ වගේම මුළු ලෝකයේම මිනිස්සු ඔහුට දරුණු විදිහට අපහාස කළා. කුඩ්ඩෙක්, පිස්සෙක්, කියලා හැමෝම ඔහුට හිනා වුණා.
හැබැයි, මේ හැමෝටම තමන් කරපු අපරාදේ තේරුණේ, ඔවුන් කරපු දරුණු අපහාසවලට ජේඩන් ස්මිත් තමන්ගේ ක්‍රියාවෙන් සුපිරි පාරක් දීපු දවසේ. ඒ තමයි 2019 ජූලි මාසේ 8 වෙනිදා... ඔහුගේ 21 වෙනි උපන්දිනය දවස මුළු ලෝකයකම කටවල් සදහටම වැසී ගිය, ඇස්වලට කඳුළු උනපු ඒ සැබෑ ආදරයේ කතාව අද අපි කියවමු.
කතාව පටන් ගන්න කලින් අපි බලමු කවුද මේ ජේඩන් ස්මිත් කියන්නේ කියලා. ඔයාට The Karate Kid ෆිල්ම් එක මතකද? අර ජැකී චෑන් එක්ක එකතු වෙලා කුන්ග්-ෆු ඉගෙන ගන්න, හැමෝගෙම ආදරය දිනාගත්තු පුංචි කොල්ලා? අන්න ඒ කොල්ලා තමයි ජේඩන්. ඒ වගේම The Pursuit of Happyness ෆිල්ම් එකේ තමන්ගේ සැබෑ පියා වෙන විල් ස්මිත් එක්කම රඟපාලා ලෝකයක් හැඬවූ දක්ෂයෙක් ඔහු.හොලිවුඩයේ සුපිරිම නළුවෙක්ගේ පුතෙක් වුණු ජේඩන්ට තිබුණේ උපන්දා ඉඳලම රත්තරන් හැන්ද කටේ තියාගෙන වගේ ජීවත් වෙන්න. සල්ලි, යාන වාහන, සුපිරි මාලිගා, ලෝකයේ තියෙන ඉහළම සැප සම්පත් හැමදේම ඔහුට නිකන්ම ලැබුණා.
හැබැයි, ඔහු හැදීගෙන එද්දී තමන්ගේ පෙනුම සහ ඇඳුම් පැළඳුම් ගැන අමුතුම විදිහේ පරීක්ෂණ කරන්න ගත්තා. ඔහු "Vegan" නැත්නම් මුළුමනින්ම ශාකභක්ෂක ජීවන රටාවකට හුරු වුණා. සිරුරේ බර අඩු කරගත්තා. මේක දැකපු ලෝකයා, ඇතුළේ තියෙන ඇත්ත කතාව දන්නේ නැතුව, ඔහුට "කුඩ්ඩෙක්" කියලා ලේබල් ඇලෙව්වා. පේජ් කාරයෝ මීම්ස් හද හදා ඔහුට හිනා වුණා.ජේඩන් ඒ හැම අපහාසයක්ම නිහඬව විඳගත්තා. ඔහු තමන් කවුද කියලා වචනවලින් ඔප්පු කරන්න ගියේ නැහැ. ඔහු බලාගෙන හිටියේ නියම වෙලාව එනකම්.
සාමාන්‍යයෙන් හොලිවුඩ් තරුවකගේ පුතෙක් වයස අවුරුදු 21 ලබද්දී මොකද කරන්නේ? මිල අධිකම ක්ලබ් එකක් බුක් කරලා, සුපිරි මොඩලයන්ව ගෙන්නලා, මිලියන ගණන් සල්ලි නාස්ති කරලා ලොකුම ලොකු පාටියක් දානවා. නැත්නම් තමන් වෙනුවෙන් සුපිරි Ferrari කාරයක්, Branded රත්තරන් ඔරලෝසුවක් තෑගි ගන්නවා. හැබැයි 2019 ජූලි 8 වෙනිදා, තමන්ගේ 21 වෙනි උපන්දිනය දවසේ ජේඩන් ස්මිත් තෝරාගත්තේ වෙනස්ම පාරක්. ඔහු තමන් වෙනුවෙන් එකම එක ඩොලරයක්වත් වියදම් කළේ නැහැ. ලොකු පාටි දැම්මෙත් නැහැ.
ඔහු ලස්සනට සරසපු විශාල Food Truck එකක් (කෑම රථයක්) අරගෙන කෙළින්ම ගියේ ලොස් ඇන්ජලීස් (Los Angeles) නුවර තියෙන දරුණුම සහ අඳුරුම වීදියකට. ඒ වීදියේ නම තමයි "Skid Row".
ලොස් ඇන්ජලීස් කිව්ව ගමන් අපේ ඔළුවට එන්නේ ලස්සන හොලිවුඩ් ලෝකය, සල්ලිකාරයෝ වගේ දේවල්නේ. හැබැයි ඒ හැමදේටම යටින් තියෙන අඳුරුම නිරය තමයි ස්කිඩ් රෝ කියන්නේ. එතැන ජීවත් වෙන්නේ දහස් ගණනක් නිවාස අහිමි (Homeless) අසරණ මිනිස්සු. කිසිම හව්හරණක් නැතුව, පදික වේදිකා උඩ කුණු ටෙන්ට් අස්සේ, සීතලට ගැහෙමින්, කුණු කූඩවලින් කෑම හොයමින් ජීවත් වෙන මිනිස්සු. බහුතරයක් දෙනා කුසගින්නෙන් සහ විවිධ ලෙඩරෝගවලින් පීඩා විඳිනවා. සමාජය විසින් මුළුමනින්ම කොන් කරපු, බල්ලෙක් බළලෙක් ගානටවත් ගණන් ගන්නේ නැති නොපෙනෙන මිනිස්සු ජීවත් වෙන කලාපයක් ඒක.
අන්න ඒ අඳුරු, දූවිලි පිරුණු, හැමෝම යන්න බය වීදියට තමයි එදා 21 හැවිරිදි ජේඩන් ස්මිත් තමන්ගේ සුපිරි රථ වෙනුවට කෑම ලොරියක් පදවාගෙන ආවේ.
ඔහු ඒ ආරම්භ කරපු ව්‍යාපෘතියේ නම තමයි I Love You Restaurant
"මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ බඩගින්න නිවන එක විතරක් නෙවෙයි. මේ ලෝකයේ තමන්ව අමතක වෙලා නැහැ, තමන්ටත් ආදරය කරන කෙනෙක් ඉන්නවා කියන හැඟීම ඒ මිනිස්සුන්ගේ හිත්වලට දෙන එකයි."
- ජේඩන් ස්මිත්
ජේඩන් මේ ලොරියෙන් දුන්නේ නිකන්ම නිකන් ඉතුරු වුණු කෑම ටිකක් හෝ ලාභ බර්ගර් කෑලි නෙවෙයි. ඉතාමත් පිරිසිදු, සෞඛ්යාරක්ෂිත, නැවුම් එළවළු සහ පළතුරු එකතු කරලා හදපු Vegan කෑම වේලක්. ජේඩන්ට ඕන වුණා සල්ලි නැති වුණත්, පාරේ ජීවත් වුණත්, ඒ මිනිස්සුන්ටත් තමන්ගේ ශරීරයට ගුණදායක, රසවත් කෑම වේලක් භුක්ති විඳීමේ අයිතිය තියෙනවා කියලා පෙන්වන්න.
වැදගත්ම දේ තමයි, එදා ඒ Food Truck එකෙන් කෑම බෙදුවේ වෙනත් සේවකයෝ ලවා නෙවෙයි. තමන්ට "කුඩ්ඩෙක්" කියලා අපහාස කරපු ලෝකයා බලා සිටිද්දීම, ජේඩන් ස්මිත් තමන්ගේම දෑතින් ඒ හැම කෑම පාර්සලයක්ම බෙදා දුන්නා.
ඔහු ඒ අසරණ මිනිස්සුන්ගේ ළඟට ගියා, ඔවුන්ව බදාගත්තා, ඇස් දෙස බලාගෙන හිනාවෙලා, ආදරයෙන් ඒ කෑම පාර්සල් ටික ඔවුන්ගේ අතට දුන්නා.
එදා ඒ කෑම ලොරියෙන් කෑම විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් බෙදුවා
බීමට පිරිසිදු වතුර බෝතල් ඇඳීමට පිරිසිදු, උණුසුම් ඇඳුම් පැළඳුම් දිනපතා පාවිච්චියට අවශ්‍ය සබන්, දත් බුරුසු වගේ අත්‍යවශ්‍ය දේවල් (Essentials) ඒ දවස පුරාම ඒ අඳුරු වීදියේ දකින්න ලැබුණේ හැඬූ කඳුළින් පිරුණු අසරණ මිනිස්සුන්ගේ මුණුවල සැබෑ සතුටේ හිනාවන් විතරයි. ඔවුන් ජේඩන්ව වැළඳගෙන ඇඬුවා. උඹ අපිට දෙවියෙක් වගේ කොල්ලෝ කියලා ආශිර්වාද කළා.
සෝෂල් මීඩියා එකේ ජේඩන්ගේ පින්තූර ශෙයා කර කර කුඩ්ඩෙක් කියලා හිනා වුණු හැමෝගෙම කටවල් ඒ පින්තූර දකිද්දී සදහටම වැහිලා ගියා! අද කාලේ සෝෂල් මීඩියා ඇතුළේ සමාජ සේවය ගැන දිග පෝස්ට් දාන, ලෝකය වෙනස් කරන්න ඕනේ කියලා ලස්සනට ටෝක් දෙන අය ඕනෑතරම් ඉන්නවා. හැබැයි තමන්ගේ ප්‍රසිද්ධිය, තමන්ගේ ධනය ඇත්තටම පොළොවේ පය ගහලා ඉන්න අසරණ මිනිහෙක් වෙනුවෙන් යොදවන්නේ කීයෙන් කීදෙනාද?
ජේඩන් ස්මිත් ඒ අතින් ලෝකෙටම දුන්නේ ලොකු පාඩමක්. ඔහු කිව්වේ, "අපි වෙනස් වෙන්න ඕනේ කියලා කතා කර කර ඉන්න එක නවත්වලා, ඇත්තටම වෙනසක් කරන්න පටන් ගන්න ඕනේ" කියලා. ඔහු තමන්ගේ 21 වෙනි උපන්දිනය දවසේ ඒ වෙනස ක්‍රියාවෙන්ම පෙන්වුවා. Food Truck එකක සිට ස්ථිර අවන්හලක් දක්වා: ජේඩන්ගේ "විප්ලවීය" සන්නාමය!
මේ අපූරු වැඩපිළිවෙළ 2019 උපන්දිනයට විතරක් සීමා වුණේ නැහැ. වසර කිහිපයක් පුරා මේ Food Truck එක සාර්ථකව කරගෙන ගිය ජේඩන්, ඊට පස්සේ ලෝකයටම තවත් සුපිරි පණිවිඩයක් දුන්නා. ඒ තමයි, මේ Food Truck එක ස්ථිර "Restaurant" එකක් බවට පත් කරනවා කියන එක.
හැබැයි මේ අවන්හල ක්‍රියාත්මක වෙන්නේ අපි දකින සාමාන්‍ය හෝටල් වැඩ කරන විදිහට නෙවෙයි.
මේක මුළුමනින්ම වෙනස්, මානුෂීය ව්‍යාපාරික සංකල්පයක් (Social Enterprise Model) අසරණ මිනිසුන්ට නොමිලේ (Free for the Homeless) පාරේ ජීවත් වන, කෑම වේලක් ගන්න සල්ලි නැති ඕනෑම කෙනෙකුට මේ අවන්හලට ඇවිත් ගෞරවනීය විදිහට, කිසිම මුදලක් ගෙවන්නේ නැතුව තමන්ගේ කෑම වේල ලබාගන්න පුළුවන්. සල්ලි තියෙන අයට විශේෂ ක්‍රමයක් (Pay It Forward) මේ අවන්හලට සල්ලි තියෙන, සාමාන්‍ය රැකියාවක් කරන පාරිභෝගිකයින්ටත් ඇවිත් කෑම කන්න පුළුවන්. හැබැයි ඔවුන්ගෙන් ඉල්ලීමක් කරනවා, තමන්ගේ කෑම වේලට වඩා වැඩි මුදලක් (Extra Amount) ගෙවන්න කියලා.
ඔබ එතැනින් කෑමක් කාලා ගෙවන ඒ අමතර මුදල, තවත් එක අසරණ මිනිසෙකුගේ බඩගින්න නිවන නොමිලේ කෑම වේලක් සඳහා අරමුදලක් බවට පත් වෙනවා. සරලවම කිව්වොත් වැඩිපුර තියෙන කෙනා, අඩුපුර තියෙන කෙනා වෙනුවෙන් වියදම් කරනවා. ඔබ මිලදී ගන්නා හැම කෑම වේලක්ම තවත් කෙනෙක් වෙනුවෙන් කරන කරුණාවේ, ආදරයේ ආයෝජනයක් වෙනවා.
Comments
Post a Comment