ලෝකයේ බොහෝ රටවල සතුන්ට හිංසා කිරීම තවමත් සුළු වරදක් ලෙස සලකන අවස්ථා තිබුණත්, බ්‍රසීලය නම් මේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් පණිවිඩයක් ලෝකයට දී තිබෙනවා.
එරට නීතියට අනුව බල්ලෙකුට හෝ පූසෙකුට හිතාමතාම වධහිංසා කිරීම, පහරදීම, කුසගින්නේ තැබීම, නොසලකා හැරීම හෝ වෙනත් ආකාරයක කෲරත්වයක් සිදු කිරීම බරපතළ අපරාධයක් ලෙස සැලකෙනවා. එවැනි වරදක් කළ පුද්ගලයෙකුට වසර 2 සිට 5 දක්වා සිරදඬුවම්, ඉහළ දඩ මුදල් සහ අනාගතයේ සතුන් ඇති කිරීමේ අයිතිය අහිමි කිරීම වැනි දැඩි දඬුවම් ලබාදිය හැකියි.
මෙම නීතිය 2020 වසරේදී "සැන්සාවෝ නීතිය" (Sansão Law) ලෙස සම්මත වුණා. ඒ, සැන්සාවෝ නම් අහිංසක සුනඛයෙකුට සිදුකළ අමානුෂික හිංසාවක් නිසා මුළු බ්‍රසීලයම කම්පාවට පත්වීමෙන් පසුවයි. ඒ සිදුවීමෙන් පසු රට පුරා ජනතා විරෝධතා ඇතිවූ අතර, සතුන්ට එරෙහි අපරාධවලට දැඩි දඬුවම් ලබාදිය යුතු බවට දැඩි ඉල්ලීම් එල්ල වුණා.
නමුත් බ්‍රසීලය එතැනින් නතර වුණේ නැහැ.
2025 වසරේදී ඔවුන් සුරතල් සතුන්ගේ ශරීර මත විලාසිතාවක් ලෙස ටැටූ ගැසීම, කන් හෝ ශරීරයේ වෙනත් ස්ථාන සිදුරු කිරීම වැනි අනවශ්‍ය රූපලාවන්‍ය ක්‍රියා සම්පූර්ණයෙන්ම තහනම් කළා. මිනිසුන්ගේ විනෝදය හෝ විලාසිතාව වෙනුවෙන් සතුන්ට වේදනාවක් ලබාදීමට කිසිදු අයිතියක් නැති බව එරට නීතිය පැහැදිලිව ප්‍රකාශ කරනවා.
ඇත්තටම සතුන් කියන්නේ සෙල්ලම් බඩු හෝ අයිතිකරුවෙකුගේ දේපළක් විතරක් නෙවෙයි. ඔවුන්ටත් වේදනාව දැනෙනවා. බය හිතෙනවා. ආදරය අවශ්‍ය වෙනවා. තමන්ට ආදරය කරන මිනිසුන් ගැන විශ්වාසයක් ඇති වෙනවා.
බල්ලෙක් තම අයිතිකරු එනතුරු පැය ගණන් බලාගෙන ඉන්නවා. පූසෙක් තමන්ට ආදරය දෙන පුද්ගලයා ළඟ සැනසීම සොයනවා. ඔවුන්ට කතා කරන්න බැරි වුණත්, ඔවුන්ටත් හදවතක් තියෙනවා.
ඒ නිසාම සත්ව හිංසාව කියන්නේ සතෙකුට එරෙහි අපරාධයක් විතරක් නොවෙයි. එය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක්.
සමහර විට රටක සංවර්ධනය මැනෙන්නේ උස ගොඩනැගිලිවලින් හෝ ආර්ථිකයෙන් නෙවෙයි. තමන්ට කතා කරන්න බැරි, තමන්ව ආරක්ෂා කරගන්න බැරි අහිංසක ජීවීන්ට කොච්චර ගෞරවයක් සහ ආරක්ෂාවක් ලබාදෙනවාද කියන එකෙන්.
බ්‍රසීලය ලෝකයට කියන්නේ එකම දෙයක්...
"සතුන්ටත් ජීවත් වීමට, ආදරය ලැබීමට සහ වේදනාවෙන් තොර ජීවිතයක් ගත කිරීමට අයිතියක් තිබෙනවා."
සමාජ මාධ්‍ය ඇසුරෙන්
Comments
Post a Comment